සූර්ය බලය, ජලය සහ සුළං වැනි පුණර්ජනනීය බලශක්ති තිරසාර සහ විශ්වසනීය වන අතරම ඒවා පිරිසිදුය. පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඒවාට යන වියදම්ද ඉතා අඩුය. එමගින් පොසිල ඉන්ධනවල අනපේක්ෂිත මිල වෙනස්වීම් තුළින් රටවල් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ආර්ථිකයන් විවිධාංගිකරණය කිරීම තුළින් නව රැකියා ඇතිකරමින් දරිද්‍රතාවය තුරන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
■ හරිතවායු අහිතකරයි
ගල් අඟුරු, තෙල් සහ ගෑස් මගින් බල ශක්ති නිෂ්පාදනයේදී පිටවෙන හරිත වායු Greenhouse gas මගින් වායු ගෝලය තුළ එකතුවන තාපය පිටවී යෑම වළක්වනු ලබයි. එමගින් දේශගුණික විපර්යාස ඇති කරයි. ජන ජීවිතයට තර්ජනයක් වන ලෙස පරිසර උෂ්ණත්වය කෙරෙහි ඇති කෙරෙන අහිතකර බලපෑම වැළකීම සඳහා අපට විකල්ප ක්‍රම ඇත. සුළං සහ හිරු එළිය මගින් පුණර්ජනනීය බලශක්ති නිෂ්පාදනයේදී පොසිල මෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කරමින්, වායුගෝලයට හරිත වායු නිකුත් නොවේ. කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 2030 වසර වන විට අඩකින් අඩුකිරීමද, 2050 වසර වනවිට සම්පූර්ණයෙන්මද නවතා දැමීමද දේශගුණික විපාර්යාස වැළැක්වීම සඳහා කළ යුතුම වන බව විද්‍යාඥයින්ගේ මතයයි.
■ පුණර්ජනනීය බලශක්තිය ආකර්ෂණීයයි
පහසු ප්‍රවේශය සහ බහුලත්වය හැරුණුකොට නිෂ්පාදන වියදම් දිනෙන් දින අඩුවීම හේතුවෙන් පුණර්ජනනීය බලශක්ති වඩාත් ආකර්ෂණීය වෙමින් පවතී. මෙමගින් ජනතාවට පහසු මිලකට විදුලිය සැපයිය හැකිය.
■ පුණර්ජනනීය බලශක්තිය සෞඛයසම්පන්නයි
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට ලෝක ජනගහණයෙන් සියයට අනූනවයක් පමණ ශ්වසනය කරන්නේ සෞඛ්‍යයට අනාරක්ෂිත වායුයි. පොසිල දහනය නිසා වායුගෝලයට එකතුවන සියුම් අංශු කොටස් සහ නයිට්රජන් ඩයොක්සයිඩ් අහිතකර මට්ටමක පවතී. ලොව පුරා වායු දූෂණ නිසා සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 13 කට අධිකය. මේ නිසා පොසිල දහනය නිසා සිදුවන සෞඛ්‍ය වියදම්ද ඉහළ ගොස් ඇත.
■ පුණර්ජනනීය බලශක්ති නව රැකියා සපයයි
පුණර්ජනනීය බලශක්ති නිෂ්පාදනය තුළින් පොසිල කර්මාන්තයට වඩා තුන් ගුණයක රැකියා උත්පාදනය කළ හැකිය. එසේම පොසිල නිෂ්පාදනය තුළින් ලැබෙන රැකියා නිෂ්පාදනය 2030 වන විට මිලියන 5 කින් අඩුවිය හැකි බවට අනාවැකි පළ වෙයි.
■ පුණර්ජනනීය බලශක්තිය ආර්ථිකය ඉහළ නංවයි
ලොව පොසිල ඉන්ධන කර්මාන්ත සහනාධාර වශයෙන් 2020 වසරේදී වැයකර ඇත මුදල ට්‍රිලියන 5.9 කි. ඒ හැර ඒ නිසා මිල කළ නොහැකි සෞඛ්‍ය හානි සහ පාරිසරික හානිද සිදුවී ඇත. ලොව පවතින සම්පත් සීමිත නිසා වියදම් අවමකර ගැනීම වැදගත්ය. පුණර්ජනනීය බලශක්ති ආයෝජනය සඳහා යන වියදම ඉතා අඩු වීම නිසා රටවලට වෙනත් ආර්ථික කටයුතු සඳහා යෙදවීම සඳහා මුදල් ඉතිරිකරගත හැකිවන අතර එමගින් සෞඛ්‍ය හා පාරිසරික වියදම් අවම වූ ශක්තිමත් ආර්ථිකයක් ලොව සෑම රටකම ගොඩනැගෙනු ඇත.
(https://www.un.org/ ඇසුරෙන්)
සුනිල් අල්ගම