චණ්ඩ මාරුතයකදී රූස්ස ගස් ඉදිරී බිම වැටෙනවා. නමුත් බට පඳුරු වැනි කුඩා පඳුරු චණ්ඩ මාරුතයේදී පවා නොනැසී ආරක්ෂා වෙනවා. අපේ සමාජ ජීවිතයේදී මේ සංසිද්ධිය බොහෝ දුරට අදාළ කරගත හැකියි. ඇතැම් පුද්ගලයන් තුළ නම්‍යශීලී බවක් එහෙම නැත්නම් පසුබැසීමේ ගුණයක් ඇත්තේම නැහැ. බොහෝ අය මේ විදිහට කියනවා ඔබ අසා ඇති. මගේ කිසිම වැරැද්දක් නෑ… “මං දන්නවා මම හරි කියල. ඉතින් ඇයි මම කාටවත් ඔබේ වචනයෙන් කිව්වොත් සෙකන්ඩ් වෙන්නේ…” ඔබ මේ විදිහට සිතුවත් අවශ්‍ය තැනදී පසුබැසීම බුද්ධිමතුන්ගේ ස්වභාවයක්. ඉස්සර කාලයේ අපේ අත්තම්මලා මේ විදිහට කියනවා. කැත්තට පොල්ල වගේ ඉඳලා බෑ. ඔවුන් එදා කී දෙය හරියටම හරි. අපි කැත්තට පොල්ල වගේ සිටියොත් එයින් විපත් වෙන්නෙත් අපටමයි. අනවශ්‍ය විදිහට හිස උදම්මා ගෙන පසුබැසීම හෙවත් යම් ප්‍රමාණයකින් නම්‍යශීලී වීම අපේ එදිනෙදා ජීවිතයටත් බොහොම වැදගත් පාඩමක්.
■ ආළවක ඉදිරියේ අපේ බුදුහාමුදුරුවෝ…
අපි හැම දෙනෙක්ම ආළවක දමනය ගැන අසා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ “පුරිස ධම්ම සාරථි ” හෙවත් දමනය කළ නොහැකි පුද්ගලයන් දමනය කිරීමේ ගුණය ලෝකයට පෙන්වූ එක් අවස්ථාවක්. ආළවක සුත්‍රයේදී අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධිමත් පසුබැසීම නිසා ආළවක යක්ෂයා දමනය කළ ආකාරය ගැන සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ආළවකගේ විමානයට වැඩියා. ඒ අවස්ථාවේදී ආළවක යක්ෂයා “නික්ඛම සමණාත” යැයි කියත්ම බුදුරජාණන් වහන්සේ එළියට වැඩියා. නැවතත් “පචිය සමණා” තී“ කියත්ම බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩියා.
මේ විදිහට බුදුරජාණන් වහන්සේ යක්ෂයා” ඛිවාහං තං ආවුසො නික්ඛමිස්සාමි යං තෙ කරණීයං තං කරොහි ” තී“ දැන් මම එළියට නොබසමි. යක්ෂය නුඹට බුද්ධිමත් පසුබැසීම නිසා යක්ෂයාගේ ප්‍රතිචාර වෙනස් වුණා. මුල් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යක්ෂයා කියන විධාන අනුගමනය නොකළා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. බුදුරජාණන් වහන්සේ ගැන ආළවක අසා තිබුණේ බුද්ධ බලය සහිත ආනුභාව සම්පන්න චරිතයක් විදිහටයි. නමුත් මගේ විධානයට අවනත වුණා යැයි යක්ෂයා සිතුවා. එය මගේ දැඩි කෝපය අඩු වුණා. ඒ නිසා අවශ්‍ය තැනකදී බුද්ධිමත් පසුබැසීම ලැජ්ජාවට හෝ නින්දාවට කාරණාවක් නොවෙයි.
■ කඩොල් ඇතාගේ පසුබැසීම
දුටුගැමුණු රජතුමා විජිතපුර සටනේදී කඩොල් ඇතා යුධ පෙරමුණට යොදා ගත්තා. කඩොල් ඇතා දළ යුග්මයෙන් විජිත පුර බලකොටුව දොර බිඳින්නට සැරසෙත්ම සතුරු හමුදාව විසින් රත් කරන ලද ලෝහ සහ ඊයම් වත් කළා. මේ දියර ඇතු පිටට වැදී පිච්චෙන්න පටන් ගත්තා. ඇතු ආපසු හැරුණා. රජතුමා සම්පූර්ණ බලඇණියම නැවත කැඳවා ගත්තා. මේ අවස්ථාවේදී රජතුමාගේ හමුදාව ඉදිරියට ගියා නම් ඔවුන්ගේ විජයග්‍රහණය ඉතිහාසයට එක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී දුටුගැමුණු රජතුමාගේ බුද්ධිමත් පසුබැසීම ජාතියකම ජයග්‍රහණයට හේතු වුණා. අවසානයේදී කඩොල් ඇතා සුවය ලැබීමෙන් පසුව විජිතපුර බලකොටුව බිඳ සතුරු බලවේග පරදවා ජය ගත්තා. නමුත් එදා පසුබසින කඩොල් ඇතු බලහත්කාරයෙන් යුද්ධයට මෙහෙයවනු ලැබුවා නම් යුද්ධයෙන් ජය ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
■ අසුචි වලකට බැස්සොත් අසුචි තැවරෙනවා
අපේ බුදුරජාණන් වහන්සේගේ එක් බෝසත් ආත්මභවයකදී සිංහයෙකු ලෙසත් දෙව්දත් තෙරුන් වහන්සේ ඌරෙක් ලෙසින් උපත ලැබුවා. එක් දවසක් මේ ඌරා අපේ බෝසත් සිංහයාට යුද්ධයට අභියෝග කරනවා. ඒ අවස්ථාවේ අසූචි ප්රතිලෝමෝසි දුග්ගන්ධෝ වාසි සූකර සවේ යුජ්ජතු කාමෝසි- ජයං සම්ම දදාමි තේති අසූචි වලක බැස ගත් දුගඳ හමන ඌරෝ. ඉදින් නුඹට උවමනා වන්නේ යුද්ධ කරන්නට නම් මිතුර මම නුඹටම දිනුම දෙමි. සැබැවින්ම ප්‍රඥාවන්තයා අනවශ්‍ය අන්දමින් ගැටුමට සම්බන්ධ වෙන්නේ නැහැ. එහි ආදීනව සිතින් විමසා බලනවා. යම් ලෙසකින් බෝසත් සිංහයා මේ අසූචි තවරා ගත් ඌරා සමඟ යුද්ධයට ගියා නම් ඒ අසූචි බෝසත් සිංහයාගේ සිරුරේ තැවරෙනවා. ඒ නිසා යුද්ධය කරමින් ලබන ජයග්‍රහණයට වඩා බුද්ධිමත් පසුබැසීම බෙහවින් වටිනවා.
■ ඔබ නිවරැදි විය හැක
එදිනෙදා ජීවිතයේදී අපි එකිනෙකා සමඟ කටයුතු කරන විට අපි නිවරැදි වුණත් පසුබසින්න වෙනවා. එය බුද්ධිමත් පුද්ගලයෙකුගේ ලක්ෂණයක්. අවශ්‍ය තැනදී පසුබසින්න. පසුබැසීම කිසිම දිනක පරාජයක් යැයි සිතන්න එපා. එය ඔබ විසින් අත්කර ගන්නා ජයග්‍රහණයක්. මම කිසිවෙකුට යටත් නොවන චරිතයක් යැයි ඔබ සිතනවා නම් එය දුර දිග නොබලා කටයුතු කරන පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණයක්. සැබෑ බුද්ධිමතා අවශ්‍ය තැනදී පසුබසිනවා. ඔබ පසුනොබසින චරිතයක් බවට ඔබ විසින් ගොඩ නගා ගන්නා පුහු වටිනාකම් නිසා කවදා හෝ දිනක ඔබ අසීරුවට පත් වෙනවා. මේ නිසා ඔබ සමාජයේ බොහෝ දෙනාගේ විවේචනයට ලක් වෙනවා. පවුලක් තුළ පවා මතවාද ගැටුම් ඇති වීමට මේ තත්ත්වය හේතු වෙනවා. ඒ වගේම නොපසුබසින ගැටුම නිසා ඔබට සමාජයේ වෛරකාරයන් ඇති වෙනවා. ඒ නිසා ඔබේ සිත නිතරම ද්වේශයෙන් පීඩා විඳිනවා. ඔබේ සිතට සැහැල්ලුවක් නැති වෙන අවස්ථාවන් එමටයි.
■ අපි කවුරුත් සම්පූර්ණයෙන් නිවරැදි නැහැ
යම් යම් ප්රශ්නවලදී ඔබ නිවරැදි යැයි ඔබ සිතුවත් ඔබ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඔබගේ වැරැද්දක් නොපිළිගන්නා අහංකාර සිත නිසා පුංචි සිද්ධියක් පවා විශාල ගැටුමක් බවට පත් වෙන්න පුළුවන්. බන්ධනාගාරවල සිටින රැඳවියන්ගේ ජීවිත අත්දැකීම්වලද මේ අන්දමේ සිදුවීම් නිතරම අසන්න ලැබෙනවා. සමහර අවස්ථාවලදී ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් වුණත් නැවතත් පරණ කෝන්තර ගැන සිතමින් තමා පරාජයට පත් වීම නිසා ඇති වුණ වෛරය සිතේ පැසවනවා. ඒ නිසා කවදා හෝ දවසක බන්ධනාගාරයෙන් නිදහස ලබා ගියත් පැරණි කෝන්තර අමතක කිරීමට සූදානම් නැහැ.ඒ නිසා ඔබ නිවරැදි වෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය තැනදී ඔබේ ස්ථාවරය මදක් වෙනස් කරන්න. එය පරාජයක් නොව, ඔබේ යහපත වෙනුවෙන් දුර දිග සිතා බලා ගත් තීරණයක් විය හැකියි.
රාජකීය පණ්ඩිත
පූජ්‍ය කන්දේගෙදර සෝභිත ස්වාමින්වහන්සේ
ජයසුමනාරාම පුරාණ විහාරය
රත්මලාන
පුන්‍යා චාන්දනී ද සිල්වා