අවශ්‍ය ද්‍රව්‍ය
- එළුමස් ග්‍රෑම් 500
- කපාගත් තක්කාලි ගෙඩි 2
- ලූනු ගෙඩි 2
- මිංචිකොළ ස්වල්පයක්
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- මීකිරි මේස හැඳි 2
- දික් අතට කපාගත් අමුමිරිස් කරල් 4
- අඹරාගත් පොල් මේස හැඳි 3
- මිරිස්කුඩු මේස හැඳි 2
- අමුතුනපහා මේස හැඳි 1
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1
- ගරම් මසාලා කුඩු තේ හැඳි 1/2
- රස අනුව ලුණු
තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- හතරට කපාගත් තක්කාලි ගෙඩි 1
- ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 3
- කුරුඳු කැබැල්ලක්
- එනසාල් ඇට 6
- කරාබුනැටි 6
- පොල්තෙල් මේස හැඳි 2
- ගිතෙල් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා පොල්තෙල් සහ ගිතෙල් එකතුකර තෙල් රත්වූ පසු එනසාල්, කුරුඳු, කරාබුනැටි, ලූනු, ඉඟුරු, සුදුලුනු පේස්ට් කපාගත් තක්කාලි එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. පසුව මස් ටික තෙම්පරාදුවට එකතුකර හොඳින් කලවම් කරගන්න. ඉන්පසු අඹරාගත් තක්කාලි ලූනු මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරන්න. මිංචි කොළ, කොත්තමල්ලි කොළ, අමුමිරිස්, මීකිරි, අඹරාගත් පොල්, මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු, අමුතුනපහ, ගරම් මසාලා සහ රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම් කර අඩු ගින්දරේ විනාඩි 25 ක කාලයක් පිසගන්න. හොඳින් තෙල් පෑදි උකු ගතියට එනවිට ළිපෙන් ඉවත් කර දීසියකට දමා උණුවෙන්ම පිළිගන්වන්න.
ප්‍රවීණ සූපවේදිනී
චන්දිමා මල්ලවආරච්චි
Chandi’s Kitchen
මාවරමණ්ඩිය