ඇය මේ ක්ෂේත්රයට ඇඳුම් නිර්මාණ ශිල්පිණියක් විදිහට පිවිසෙන්නෙ ඉහළ පෙළේ පන්තිය ඉලක්ක කරගනිමින් ඉතා සුළු පිරිසක් මෝස්තර නිර්මාණකරණයේ නියැලෙන කාලවකවානුවකයි. මැද පන්තියේ අයටත් ඉහළ පන්තියේ අයට වගේම තමන්ටම කියල ඇඳුමක් නිර්මාණය කරගැනීමේ ආසාවක් තියෙන බව තේරුම්ගත්ත එරංජනා ‘Era’ නමින් මේ මෝස්තර ලෝකෙට පිවිසෙන්නෙ පන්ති බේදයක් නැතිව තමන්ගෙ බජට් එකට ගැළපෙන්න ඇඳුමක් හදාගන්න හැමෝටම අවස්ථාවක් උදාකර දෙමිනුයි. එදා සුළුවෙන් පටන්ගත්ත ඇය අද ඉතා සාර්ථක ඇඳුම් නිර්මාණ ශිල්පිණියක් ලෙස ප්රකටයි.
එරංජනා මුලින්ම ඔයාගෙ විස්තර ටිකක් කියමු
මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, මල්ලියි,මමයි. මගේ තාත්තා ජීවතුන් අතර නෑ. ඉගෙනගත්තෙ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් සහ ක්ලිෆ්ටන් බාලිකාවෙන්. බයෝ සයන්ස් සහ ආට් ස්ට්‍රීම් දෙකෙන්ම උසස් පෙළ කරල තියෙනවා. මේ වෙද්දි ෆැෂන් ඩිසයිනින් සහ මානම සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා දෙකක් මට තියෙනවා. A/L වලින් පස්සෙ මාස හයක් ඉන්ෂුවරන්ස් කම්පැණි එකක වැඩ කළා .
ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට ගමන ආරම්භය
ඇත්තටම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට මගේ වෘත්තිය පටන්ගන්න කිසිම අදහසක් තිබුණෙ නෑ. ෆයිනෑන්ස් කම්පැණි එකේ වැඩ කරන අතරතුරේ මම ඩ්‍රෙස් මේකින් කෝස් එකකුත් කළා. කොහොමත් මට ෆැෂන් සෙන්ස් එකක් තිබුණා. මම කොහේ ගියත් පාට ගලපලා තමයි අඳින්නෙ. වෙන කෙනෙක්ට වුණත් මේක කැතයි, දැන් ට්‍රෙන්ඩ් එකට ගැළපෙන විදිහට අඳිමු කියල කියන්න ෆැෂන් සෙන්ස් එකක් මට තිබ්බා. මගේ පුංචි ඇඳුම් මහනවා. එයා තමයි මට කිව්වෙ එයාට වුණත් ඩිසයිනින් ගැන මගෙන් දැනගන්න පුළුවන් නිසා ඩ්‍රෙස් ඩිසයිනින් කෝස් එකක් කරන්න කියල. අවුරුදු 19 දි තමයි මම කෝස් එක කළේ. ඒ කාලෙ ඩ්‍රෙස් ඩිසයිනර්ස්ලව ටච් කරල තිබුණෙ හයි ක්ලාස් අය විතරයි. මිඩ්ල් ක්ලාස් එකට ඇඳුමක් ඩිසයින් කරන්න කවුරුත් හිටියෙ නෑ. ඒ නිසා මම හිතුවා මගේ නමේ මුල් කොටසින්ම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. නමුත් මේ වගේ ලෙවල් එකකට එන්න ලැබෙයි කියල කවදාවත් හිතුවෙ නෑ. බොහොම අඩු මුදලකින් තාත්තගෙ තැනක, තාත්තා අරන් දීපු බඩු වලින් තමයි මම මේ ගමන පටන්ගත්තෙ.
මුලින්ම ඇඳුමක් හැදුවෙ කාටද?
මගේ පළවෙනි මනමාලිව මට හොඳට මතකයි. මගේ එක්ස්පීරියන්ස් නොබලා හොඳ හැකියාවක් තියෙනවා කියල හිතල මට ඇඳුම් හදන්න දීපු බ්‍රයිඩ්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නව මම හරි ආදරෙන් මතක් කරනවා. අවුරුදු දෙකක් ඔහොම නිහඬ ගමනක් එනකොට මට සෝෂල් මීඩියා හරහා ලොකු ප්‍රසිද්ධියක් ලැබුණේ මාධවී ඇන්තනී ඇතුළෙ ඒ පවුලෙ අය එක්ක වැඩ කරන්න ලැබුණට පස්සෙ. ඊටපස්සෙ නිරෝෂා විරාජිනී, සචිනි නිපුන්සලා වගේ අයට මම ඇඳුම් හැදුවා. ලොකු බූස්ට් එකක් ආවෙ සචිනිගේ ඇඳුම් හැදුවට පස්සෙ. ඒක මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වුණා.
සමාජයේ හොඳ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න වුණ මහන්සිය
බ්‍රෑන්ඩ් එකක් හොඳට තියාගන්න බලපාන දේවල් කිහිපයක් තියෙනවා. කොලිටි එක, රීසනබල් ප්‍රයිස් එක. අද වෙනකල් මගේ බ්‍රෑන්ඩ් එකට නරක නමක් ගෑවිලා නෑ. මට ඕනෙ වුණෙත් ඒක. අවුරුදු ගාණකට කලින් කෙනෙක් මගෙන් ඇඳුමක් අරන් ගියානම් මගෙන් අද එයා ගන්න ඇඳුම ඊට වඩා කොලිටි එකට දෙන්නයි මට ඕනෙ. මම හරිම හෙමින් ගමනක් ආපු කෙනෙක්. ඒ ආපු ගමනෙදි මම මගේ පුංචි එක්ක තනියම වැඩ කළා. ඊටපස්සෙ තමයි ඩ්‍රෙස් මේකර්ස්ලා, කටර්ස්ලා හයර් කළේ. Era කියන්නෙ අහවල් කෙනා කියන එකත් ඒ බ්‍රෑන්ඩ් එකේ ඇඳුම් මේ විදිහයි කියන එකත් හදාගන්න මම ගොඩක් උත්සාහ කළා. ඒකෙදි මගේ ප්‍රඩක්ට් කොලිටි එක සහ ඇඳුමක තියෙන සිම්පල් එලිගන්ට් ගතිය තියාගන්න මම මහන්සි වුණා.
එරංජනා අතීතයට හැරිලා බලද්දි දැන් මොකද හිතෙන්නෙ?
මීට අවුරුදු හතකට කලින් මම හිටපු තැනයි අද මම ඉන්න තැනයි ගැන මට සතුටුයි. හැබැයි මට හැමතිස්සෙම තියෙන්නෙ මම තව ලොකු දුරක් යන්න ඕනෙ කියන හීනය. මේක මල් පිරුණ පාරක ආපු ගමනක් නෙවේ. හැමෝටම වගේ මටත් ජීවිතේ හැලහැප්පීම් තිබුණා. ඒත් පහුගිය අවුරුදු හතේ ඉඳන් අද වෙනකල් මම මගේ ප්‍රමුඛත්වය දුන්නෙ මගෙ ව්‍යාපාරයට. ජීවිතේ මොන මොන දේවල් මගහැරුණත් රස්සාව මම අත්හැරියෙ නෑ. පොඩියට පටන්ගත්ත දේ අද මේ වගේ තැනකට ඇවිත් තියෙන්නෙ මගේ තනි මහන්සියෙන්. සමහර වෙලාවට හිතෙනවා මම මහන්සි වෙලා මදි කියලත්. මගේ රස්සාවේ ඉලක්ක නෑ. තියෙන්නේ හීන විතරයි.
පුංචි කාලෙ ඉඳන් තිබුණ හීනයක්ද ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන එක?
පොඩි කාලෙ එහෙම හීනයක් තිබුණෙම නෑ. මේක ඇත්තටම මං ළඟ තිබුණ හැකියාවන් හඳුනගෙන මමම ළඟා කරගත්ත දෙයක්. අද කාලෙ ලක්ෂ ගාණක් දීලා ඩිග්රි කරන අයට වඩා මම මම තුළින්ම වෙනසක් දකිනවා ඩ්‍රෙස් මේකින් කෝස් එකක් විතරක් කරලා මෙච්චර දුරක් ආපු නිසා. අදටත් මම හාහූ ගාන විදිහේ වැඩ කරන්නෙ නෑ. මගෙම ලෙවල් එකකට බොහොම ස්ථාවරව තමයි මම මගේ බිස්නස් එක කරගෙන යන්නෙ.
කැපිලි කෙටිලි තිබුණේම නැත්ද මේ ගමනට?
මම ප්‍රවීණයෝ එක්ක ගැටෙන්න ගිහින් නෑ. මම හැම ප්රවීණයෙක්ටම ගරු කරනවා. ලංකාවෙ ඉස්සර ඩිසයිනර් වෙයාස් තිබුණෙ නෑ. ඉන්දියන් මාකට් එකෙන් ගෙනාපු සාරිනෙ මනමාලියො ඇන්දෙ. මම ඉස්කෝලෙ ගිය කාලෙ ලංකාවෙ හිටපු ප්‍රවීණයෝ දෙතුන් දෙනා හදපු පාත් එකේ තමයි මමත් මේ යන්නෙ.
කාන්තාවක් විදිහට ස්වාධීනත්වය ගැන මොනවද හිතෙන්නෙ
මම ඒ ස්වාධීනත්වය විඳින කෙනෙක්. පළමු දේ මූල්‍යමය අතින් මම ස්වාධීනයි. මම මගේ පවුලෙ අයටවත් කාටවත් බරක් නොවී ජීවත් වෙනවා. ඒකෙන් ලැබෙන මානසික නිදහස මාර වටිනවා. මගේ ව්‍යාපාරයේ ලාභය වැඩි වෙද්දි ජීවිතේ පහසු වෙනවා. ලාභය අඩු වෙද්දි ජීවිතේ තරමක් අපහසු වෙනවා. මං මතින් යැපෙන මිනිස්සුන්ගෙ ජීවිත මම සුරක්ෂිත කරන්න ඕනෙ. ස්වාධීන ගැහැණියකට වගකීම් වැඩියි. තමන් සියලුම දේවල් තනිවම කරගත යුතුයි. පියාඹන කිරිල්ලියෙක් දැකල කූඩු වෙලා ඉන්න කිරිල්ලියෙක් කවදාවත් දුක් වෙන්න අවශ්‍ය නෑ. මොකද ඒ කූඩු වෙලා ඉන්න කෙනාට ළඟට හැමදේම හම්බෙනවා. හැබැයි පියාඹන කිරිල්ලට අව්වෙ වැස්සෙ යන්න ඕනෙ. තනියම කෑම හොයාගන්න ඕනෙ. පියාඹන කිරිල්ලියෙක් දැකලා ඊරිසියා කරන එක නෙවේ කරන්න ඕනෙ තමන්ටත් ඒ වගේ පියාඹන්න අවශ්‍ය දේවල් හදාගන්න එක. ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නෙ අයුතු විදිහට පාවිච්චි කරන්න ඕන දෙයක් නෙවේ.
■ එරංදි කෞශල්‍යා