අවශ්‍ය ද්‍රව්‍ය
- මිංචි කොළ ග්‍රෑම් 100
- රතුලූනු ගෙඩි 8
- සුදුලුනු බික් 4
- අඟලක පමණ ඉඟුරු කෑල්ලක්
- අමුමිරිස් කරල් 4
- පොල් කෝප්ප එකක්
- සියඹලා ඇට 10 ක ඉස්ම
- දෙහි ගෙඩි භාගයක ඇඹුල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මිංචි කොළ සෝදා වතුර බේරාගන්න. ග්‍රයින්ඩර් එකට සෝදාගත් මිංචි කොළ, රතුලූනු, සුදුලුනු, අමුමිරිස්, ඉඟුරු, පොල්, සියඹලා ඉස්ම එකතුකර හොඳින් ග්‍රයින්ඩ් කරගන්න. ග්‍රයින්ඩ් කරගත් මිශ්‍රණය දීසියකට දමා එයට දෙහි ඇඹුල්, රස අනුව ලුණු එකතුකර හොඳින් අනාගෙන පිළිගන්වන්න.