අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි කජු ග්‍රෑම් 250
- ග්‍රීන්පීස් ග්‍රෑම් 100
- කැරට් අල 2
- රතුලූනු ගෙඩි 5-6
- සුදු ලූනු ගෙඩි 5-6
- උළුහාල් තේ හැන්දක්
- රම්පෙ, කරපිංචා
- අමුමිරිස් කරල් 4
- කහකුඩු තේ හැඳි 1
- තුනපහ තේ හැඳි 1
- අඟලක පමණ කුරුඳු කෑල්ලක්
- දියකිරි කෝප්ප 1/2
- මිටිකිරි කෝප්ප 1
- පොල්තෙල් මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කජු සෝදා වතුරේ දමා පැයක් පමණ තියා වතුරා බේරාගන්න. ග්‍රීන්පීස් තම්බාගන්න. කැරට් කොටු හැඩයට කපාගන්න, සුදුලුනු, රතුලූනු, අමුමිරිස් හීනියට කපාගන්න. ඇතිලියක් ළිප තබා තෙල් එකතුකර රත්වූ පසු උළුහාල්, රම්පෙ, කරපිංචා, කුරුඳු, රතුලූනු, සුදුලුනු, අමුමිරිස් එකතුකර හොඳින් කලවම් කරන්න. ඉන්පසු කපාගත් කැරට්, ග්‍රීන්පීස්, කජු, කහකුඩු, අමු තුනපහ කුඩු, දියකිරි, රස අනුව ලුණු එකතුකර උයාගන්න. දියකිරි හිඳීගෙන එනවිට මිටිකිරි එකතුකර නැවත පිසගන්න. හොදි ගතිය උකු වීගෙන එනවිට ළිපෙන් ඉවත්කර දීසියකට දමා පිළිගන්වන්න.