අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩාවට කඩාගත් සුදු ඉඳිආප්ප 40
- ඉස්සන් ග්‍රෑම් 400
- තක්කාලි ග්‍රෑම් 200
- ලූනු ග්‍රෑම් 200
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
- කරපිංචා ඉති 1
- බිරියානි මසාලා පවුඩර් මේස හැඳි 4
- මින්චි කොළ ග්‍රෑම් 10
- කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10
- තම්බාගත් බිත්තර 4
- මිරිස් කුඩු තේ හැඳි 1
- වතුර අඬුකෝප්ප 4
- එළඟිතෙල් මේස හැඳි 4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට එළඟිතෙල් එකතුකර රත් වූ පසු ලූනු දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව තක්කාලි, ඉඟුරු, සුදු ලූනු, කරපිංචා සහ සියලුම තුනපහ වර්ග එකතුකර තෙම්පරාදු කරගන්න. පසුව ඉස්සන් දමා මද ගින්නෙ පිසගන්න. දැන් මෙයට ඉඳිආප්ප, මින්චි කොළ, කොත්තමල්ලි කොළ සහ තම්බාගත් බිත්තර එකතුකර කලවම් කරගන්න.