ඔබේ ශීතකරණ තුළින් අප්‍රසන්න දුගඳක් හමනවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි ඔබේ නිවසට. එය ඔබේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි දැඩි ලෙස බලපාන නිසා එවැනි තත්ත්වයන් ඇතිවීම ඔබ වළක්වා ගත යුතුයි. ඒ නිසා බොහෝ දෙනකුට තිබෙන ගැටලුවක් වන මෙය විසඳගන්න ලෙහෙසි ටිප්ස් කිහිපයක් ඔබට ගෙන්න එන්න හිතුවා.
ශීතකරණයෙන් අප්‍රසන්න දුගඳක් හමන්නෙ ඇයි?
මේ සදහා ප්‍රධාන වශයෙන්ම බලපාන හේතුව වන්නෙ ශීතකරණය පිරිසිදු නොකිරීමය. ඊට අමතරව පිසූ ආහාර නිසි ලෙස ගබඩා නොකිරීම, මස් මාළු වර්ග දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම, ඕනෑවට වඩා ආහාර ද්‍රව්‍යවලින් ශීතකරණය පිරවීම වැනි කරුණු ද හේතු වන්නට පුළුවන්.
මේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන් ස්වභාවික පිළියම්…
බේකින් සෝඩා
කුඩා වීදුරු කෝප්පයක් හෝ වීදුරු බඳුනක් ගෙන එයට බේකිං සෝඩා පුරවා ශීතකරණයේ කෙලවරක තබන්න. එමඟින් ශීතකරණයෙන් නිකුත්වන අප්‍රසන්න දුඟද අවශෝෂණය කර ගන්නා අතර ශීතකරණය තුළ ඇති වාතයද සෙමෙන් පිරිසිදු කරනවා.
ලෙමන්
ලෙමන් ගෙඩියක් ගෙන පෙති කපා එය වීදුරු බඳුනක බහා ශීතකරණයේ තබන්න. ලෙමන්වලට අප්‍රසන්න දුර්ගන්ධයන් අවශෝෂණය කර ගන්නා අතර ලෙමන්වල ඇති නැවුම් සුවඳ ශීතකරණය ඇති වාතයට මුසු වනවා. මෙසේ ලෙමන් තැබීමේදී ඒවා සතියකට දෙවරක් මාරු කිරීමටත් ඔබ වගබලා ගත යුතුයි.
අර්තාපල්
අර්තාපල් ගෙඩියක් ගෙන එහි පොතු ඉවත්කර ශීතකරණයේ තබන්න. අර්තාපල් අවශෝෂකයක් ලෙස ක්‍රියා කරන අතර ශීතකරණයේ ඇති සියලුම දුර්ගන්ධයන් ඉවත් කරනවා. මෙසේ තබන අර්තාපල් සතියකට දෙවරක් හෝ තුන්වරක් මාරු කිරීමටත් සැලකිලිමත් විය යුතුයි.
වැනිලා
කපු පුළුන් බෝල කිහිපයක් වැනිලාවල පොඟවා ඒවා වීදුරු භාජනයක බහා ශීතකරණයේ කෙලවරක තබන්න. මෙමඟින් ශීතකරණය තුළ ප්‍රසන්න සුවඳක් ඇති කරනවා.
Essential oil
ඔබ කැමතිම වර්ගයේ Essential oil කපු පුළුන් බෝලවල පොඟවා ඒවා වීදුරු භාජනයක බහා ශීතකරණයේ තබන්න. ඒවා දින දෙක තුනකට වරක් අලුත් කරන්න.
පාවිච්චි කළ Tea Bag
පාවිච්චි කළ Tea Bags කිහිපයක් විවෘත කළ භාජනයක බහා ශීතකරණය තුළ තබන්න. තේ දළු මඟින් දුර්ගන්ධයන් අවශෝෂණය කර ගන්නා අතර ශීතකරණය තුළ ඇති වාතයට නැවුම් සුවඳක් එකතු කරනවා. එය පවත්වාගෙන යාම සඳහා දින 2 – 3 කට වරක් Tea Bags මාරු කරන්න.
ශීතකරණයේ අප්‍රසන්න දුඟදක් ඇතිවීම වළක්වා ගන්න…
- එළවළු සහ පලතුරු හොඳින් සෝදා පිරිසිදු කර ගබඩා කරන්න.
- පිසූ ආහාර වාතය ඇතුළු නොවන වීදුරු භාජනවල හෝ බෑග්වල බහා ශීතකරණයේ ගබඩා කරන්න.
- ගබඩා කරන ආහාර ඉක්මනින් පරිභෝජනය කරන්න.
- ඉක්මනින් නරක් විය හැකි එළවළු, මස් සහ මාළු වර්ග දින දෙක තුනක් ඇතුළත භාවිතයට ගන්න.
- සතියකට වරක් ශීතකරණය Deep Clean කරන්න.
ඔබ පරිභෝජනය කරන ආහාරවලින් වැඩි ප්‍රමාණයක් ඔබ ගබඩා කරන්නේ ශීතකරණය තුළ නිසා අනිවාර්යෙන්ම එය පිරිසිදුව සහ හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා මේ ටිප්ස් භාවිතා කර ඔබේ ශීතකරණය හොඳ සෞඛ්‍ය ආරක්ෂාවෙන් යුතු තැනක් බවට පත් කරගන්න.
smartlady.lk ඇසුරෙන්
අර්චිත ඉඳුවර