අවශ්‍ය ද්‍රව්‍ය
- පොලොස් ග්‍රෑම් 500
- උම්බලකඩ අවශ්‍ය පමණට
- ලූනු ගෙඩි 2
- අමු මිරිස් කරල් 2
- අඹරාගත් ඉඟුරු සහ සුදු ලූනු
- රස අනුව ලුණු
- ගොරක කැබලි 2
- පොල්කිරි කොප්ප 2
- මිරිස් කුඩු තේ හැඳි 4
- බැදපු තුනපහ කුඩු තේ හැඳි 6
- රම්පෙ, කරපිංචා
සාදාගන්නා ආකාරය
පොලොස් පොතු හැර කැබලිවලට කපා ගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, ලූනු, සුදු ලූනු, රම්පෙ, කරපිංචා, ගොරකා, උම්බලකඩ, අමු මිරිස් දමා තෙම්පරාදු කර එයට කපාගත් පොලොස් එකතු කරන්න. එයට පොල්කිරි දමා මද ගින්නෙ පිස ගන්න.