කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ බිත්ති දෙකක් අතර සිරවී සිටි සිසුවියක නිරුපද්‍රිතව බේරා ගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ඊයේ (14 දා) සමත් වී ඇත. දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය මෙලෙස බිත්ති දෙක අතර සිරව සිටියදී කළුතර නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ පැය භාගයක පමණ මෙහෙයුමකින් පසුව බේරාගෙන තිබේ.
ස්පැඩර් උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් වායුව මගින් බිත්ති දෙකට තෙරපුමක් ලබාදී දැරිය බේරා ගත් බව මෙහෙයුමට සම්බන්ධ වූ කළුතර ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරී ඉන්දික ලක්ෂ්මන් මහතා පැවසීය. කුඩා දැරිය බිත්තියක් සහ කණුවක් අතර ඇති සිදුරකින් එහා පැත්තට යාමට උත්සාහ කිරීමේදී එහි මැද සිර වී ඇති අතර දැරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ බවත් ඇය රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවක් නොතිබූ බවත් ඒ මහතා කියා සිටියේය.
– චමින්ද සිල්වා