හිටපු රාජ්ය සේවිකාවක් තම නිවසේ මහා පරිමාණ ලෙස සූදු පොළක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරුවන් නවදෙනෙකු හා රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් සමඟ කාර් රථයක්, ත්රිරෝද රථයක් හා යතුරු පැදි හතරක් අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලේ ගල් වල පාර, මැදවච්චිය, වහමල්ගොල්ලෑව, කිරිගල්වැව සහ ලිඳවැව යන ලිපිනයන්වල පදිංචිකරුවන්ය.
නගරයේ පිහිටි දෝනි නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන ප්රධාන සැකකරුගේ නිවසේ පෙරේදා සවස මහා පරිමාණ ලෙස සූදු පොල පවත්වාගෙන යන බවට තොරතුරක් මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිට ලැබී ඇත. මෙම සූදු පොළ මැදවච්චිය නගරයේ ටික කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් අනාවරණය වේ.
– මැදවච්චිය ගයාන් (උතුරුමැද)