අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බාස්මති සහල් ග්‍රෑම් 400
- බිත්තර 3
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- චොප් කරගත් සුදූ ලූනු ස්වල්පයක්
- චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
- කොටු හැඩයට කපාගත් කැරට් අල 1
- පොඩියට කපාගත් බෝංචි කරල් 2
- ග්‍රීන් පිස් ග්‍රෑම් 50
- පොඩියට කපාගත් ලීක්ස් ස්වල්පයක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට ලූනු, සුදු ලූනු සහ ඉඟුරු දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව එයට කැරට්, බෝංචි සහ ග්‍රීන් පීස් එකතුකර කලවම් කර බිත්තර දමා හොඳින් ස්ක්රම්බල් කරගන්න. අවසානයට ලුණු, ගම්මිරිස්, පිසගත් බත් සහ ලීක්ස් එකතුකර කලවම් කරගන්න.