අවශ්‍ය ද්‍රව්‍ය
- කැරට් ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 90
- ගිතෙල් මේස හැඳි 1
- වතුර කෝප්ප 1 1/2
- කිරි කෝප්ප 1/2
- කෝන්පිටි ග්‍රෑම් 90
- කජුමද ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කැරට් හොඳින් පොතු හැර සෝදා කොටු හැඩයට කපා වතුර ස්වල්පයක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එම මිශ්‍රණය භාජනයකට පෙරා අතින් හොඳින් මිරිකා ඉතිරි වූ කැරට් කැබලි නැවත බ්ලෙන්ඩ් කර පෙර ආකාරයටම පෙරා ගන්න. එම කැරට් යුෂ ළිප තබා මද ගින්නෙ රත් කර එයට සීනි දමා හැඳිගාගන්න.
කෝන් පිටි වෙන භාජනයකට දමා එයට එළකිරි එකතුකර කැටි නොගැසෙන සේ මිශ්‍ර කරගන්න. සාදාගත් කෝන් පිටි මිශ්‍රණය කැරට් යුෂ මිශ්‍රණයට එක්කර මදගින්නේ මිශ්‍රණය ඝන වෙනතුරු හොඳින් හැඳිගාන්න. එයට ගිතෙල් එක්කර කලවම් කර ළිපෙන් ඉවත්කරගන්න. පුඩිම සාදාගන්නා භාජනයට ගිතෙල් තවරා කැරට් මිශ්‍රණය එයට වත්කරන්න. මතුපිට හැන්දකින් තුනී කර කජු දමා කැමති නම් ශීතකරණයේ තබන්න.