අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් චිකන් හැම් ග්‍රෑම් 150
- කපාගත් අන්නාසි ග්‍රෑම් 150
- මාළු මිරිස් ග්‍රෑම් 100
- ලුණු, ගම්මිරිස්, ඔරිගානෝ ස්වල්පයක්
- අවශ්‍ය පමණට ගාගත් මොසරැල්ල චීස්
- පෙති පාන් 10
- ටොමැටෝ සෝස් ග්‍රෑම් 200
සාදාගන්නා ආකාරය
බටර් තවරාගත් පාන් පෙති මත ටොමැටෝ සෝස් තවරා එයට උඩින් මොසරැල්ල චීස් ඉසගන්න. ඒ මත කපාගත් හැම්, මාළු මිරිස් සහ අන්නසි අතුරා ඔරිගානෝ මිශ්‍රණයද ඉස එයට උඩින් තවත් මොසරැල්ල චීස් තට්ටුවක් දමාගන්න.සෙල්සියස් අංශක 180 ට ප්‍රී හිට් කරන ලද උඳුනක විනාඩි 7,8 ක් බේක් කරගන්න.