අවශ්‍ය ද්‍රව්‍ය
- බඩ ඉරිඟු පිටි කෝප්ප 1
- පාන් පිටි කෝප්ප 1/2
- ලුණු තේ හැඳි 1/2
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
ඉහත සියලුම අමුද්‍රව්‍ය කලවම් කර තරමක ඝණ ඩෝ එකක් අනාගන්න. පසුව ඩෝ එක විනාඩි 5 ක් මෘදු වෙන තුරු හොඳින් අනා යාන්තමින් තෙල් තැවරූ බෝල් එකකට ඩෝ එක දමා හොඳින් වසා විනාඩි 10-15 ක් තියන්න.
පසුව ඩෝ එක 2 ට කපා හොඳින් තුනී කර කැමති ප්‍රමාණයේ රවුම් කපා ගෑරුප්පුවකින් රවුම් සිදුරු සාදාගන්න. පෑන් එකකට තෙල් ස්වල්පක් දමා මද ගින්නෙ රොටි එක බැගින් තෙලට දමා දෙපැත්ත බැද ගන්න. අවශ්‍ය පමණට බැදගත් පසුව කිචන් ටවල් එකක් උඩ තියා මැදින් රෝලින් පින් එකක් තියා තද කර ටාකෝ හැඩය හදා ගන්න.