කපිල ගාමිණී ජයසිංහගේ නවතම වේදිකා නාට්‍ය වන ‘මායා දැල’ හි මුහුරත් උළෙල පසුගියදා කොළඹ 7 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි.
උදිත ගුණරත්න, ගාමිණී ජයලත්, කසුන් කාරියවසම්, තාරිකා ද සිල්වා සහ මොනිකා සේරසිංහ මේ සමග රංගනයට පිවිසෙයි.
මෙම නාට්‍යයේ අංග රචනයෙන් වාසනා බණ්ඩාර විජයකෝන් ද සංගීතයෙන් නවරත්න ගමගේ ද වේදිකා පරිපාලනයෙන් කසුන් කාරියවසම්, රවීන්ද්‍ර ද සිල්වා ද පසු තළ නිර්මාණකරණයෙන් බන්දුල අතාවුද හෙට්ටි ද ආලෝකකරණයෙන් ඩබ්. ඒ. ප්‍රේමචන්ද්‍ර ද ගායනයෙන් විශාරද දුමාල් වර්ණකුලසූරිය ද මේ සමඟ එක්වෙති. ‘මායා දැල’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය ඔක්තෝබර් මස 12 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය.