හැගීම් එක්ක සෙල්ලම මරණයෙන් කෙළවර වෙන්නත් පුළුවන්
අපි මුලින්ම මේ මාතෘකාව ගැන මනෝවිද්‍යාත්මකව කතා කරමු. මගේ ෆීල්ඩ් එක පැත්තෙන් ගත්තොත් මට ගොඩක් වෙලාවට හම්බෙනවා සීරියස් ආදරයක් කරල මොකක්හරි හේතුවක් නිසා ඒක නැති වුණ ප්‍රේමවන්තියො, ප්‍රේමවන්තයො.
ආදරයක් බ්‍රේක්අප් වෙන්නෙ එතන හරි තේරුම්ගැනීමක් නැති වුණාම. ගොඩක් වෙලාවට අනිත් කෙනාට වේදනාවක් ගේන දේ තමයි තමන් පණ වගේ ආදරේ කළ කෙනා තමන්ව රැවැට්ටුවා කියන එක. ඒ කියන්නෙ තමන්ට ආදරේ කරනගමන් තවත් කෙනෙක්ටත් ඔහු හෝ ඇය ආදරේ කරලා.
ආදරේ කරන කෙනාගේ මරණය කියන ඛේදවාචකයට අමතරව ගොඩක් අය ආදරයෙදි මානසිකව වැටෙන තැනක් තමයි ඕක. එහෙමත් නැත්නම් හිටපු ගමන් කිසිම හේතුවක් නොකියා සම්බන්ධය නවත්තනවා.
කතා කරන්න තියෙන හැම මාධ්‍යයක්ම බ්ලොක් කරනවා. මෙතනදි අනිත් කෙනාට දරාගන්නම බැරි කාරණාව තමයි තමන් අවුරුදු ගාණක් ආදරේ කළ කෙනා අඩුතරමින් ඇයි තමන්ව දාලා යන්නෙ කියල නොදන්න කාරණාව. ඒකට හේතුව තේරුම්කරල සම්බන්ධෙ නවත්තනවනම් මම හිතනවා ඒ කෙනාට හිත හදාගන්න පුළුවන් කියල.
එහෙම දාල ගිය හේතුවවත් නොදැන ඉද්දි පස්සෙ කාලෙක ෆේස්බුක් එකෙන් දකිනවා එයා වෙන කෙනෙක්ව බඳින්න යනවා. තමන් එක්ක සම්බන්ධය තියෙන ගමන් තව කෙනෙක්ව බඳින්න වෙඩින් කාඩ්ස් ගහල තියෙනවා දකිනවා. මේ වගේ රැවටීමකට ලක්වෙන තැන්වලදි දරාගැනීමේ හැකියාවක් ගොඩක් දෙනෙක්ට නෑ. මට හම්බෙලා තියෙනවා ඒ වගේ අවස්ථාවල හදිසි කම්පනයට පත්වෙච්චි අය. එකපාරටම තමන් ආදරය කළ කෙනා ගැන කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයක් දැනගත්තගමන් හදිසි කම්පනයට පත්වුණ අය.
මට මේ ළඟදි කෙනෙක් මුණගැහුණා. ඒ ළමයට කිසිම දෙයක් මතක නෑ. අඩුමගානෙ ඔහුගෙ නමවත් ඔහුට මතක නෑ.එයා දන්නෑ එයා ඉගෙනගන්නවද, රස්සාවක් කරනවද, ගම කොහෙද කියලවත්. ඇස් පිල්ලම් ගන්නැතුව රූකඩයක් වගේ ඇවිත් මගේ ඉස්සරහ ඉඳගෙන මං දිහා බලන් හිටියා.
හැබැයි මම එයාගෙ මතකය පොඩ්ඩ පොඩ්ඩ අවදි කරනකොට එයාට ඉස්සෙල්ලාම මතක් වුණේ එයාගෙ පෙම්වතියගෙ නම. ටික ටික එයාව රිලැක්ස් කරද්දි ඔන්න එයා එයාගෙ විස්තර කියන්න පටන්ගත්තා.
මතකය අවදි වෙනකොට හයියෙන් අඬන්න ගත්තා. ඔහුට එහෙම දෙයක් වුණේ නෑ කියල හිතලා ආයෙත් හිනාවෙනවා. ඒ කියන්නෙ ඔහු පාලනයෙන් තොරයි. ඔහු කිව්වා පෙම්වතිය වට්ස්ඇප් ස්ටේටස් දාලා තිබ්බලු වෙන කෙනෙක්ට කැමතියි කියල.
ඒ ගැන හොයාගෙන යද්දි ඇයගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් මොහු දැනගන්නවා ඇයට වෙනත් පෙම්වතෙක් ඉන්න බව. ඒක තමයි මේ තරුණයට අවදි වුණ පළවෙනි මතකය. මේ වගේ රැවටීමේ කාරණාවලදි සමහරුන්ට තමන්ගෙ මතකෙ නැති වෙනවා. ගොඩක් අයට කතා කරගන්න බැරි වෙනවා.
එයාලා මාත් එක්ක සන්නිවේදනය කරන්නෙ කොලවල ලියල. තොල් ලෑස්ති වෙනවා වචන එළියට දාන්න. නමුත් වචනෙ පිට වෙන්නෙ නෑ. මේක හිතාගන්න බැරි තරම් ලොකු පීඩනයක්.තමන් විශ්වාසනීයව ආදරේ කරපු කෙනෙක් අනිත් කෙනාව රැවැට්ටුවා කියන කාරණාව ඇත්තටම දරාගන්න අමාරුයි. මට මුණගැහුණා තවත් කාන්තාවක්.
ඇය අවුරුදු 18 දි බ්‍රේක්අප් වුණ එක දරාගන්න බැරිව අවුරුදු 65 දිත් අවිවාහකව බෙහෙත් බොන කාන්තාවක්. මුළු ජීවිත කාලෙදිම ඇයට ඒ දුක දරාගන්න බැරි වුණා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ එයා රැවැට්ටුවනම් තමන් අනිවාර්යයෙන් හිත හදාගන්න ඕනෙ, එහෙම ශක්තියක් නැත්නම් වැඩක් තියෙනවද කියල.
ඔව් ඒක හරි. නමුත් එක එක්කෙනාගෙ ජීවිතේ අතීත අත්දැකීම් වෙනස්. සමහර අය ඉන්නවා ජීවිත කාලෙටම ආදරය ලබපු නැති. දෙමාපියන් පවා අහිමි වෙලා. එහෙම කෙනෙක්ට තව කෙනෙක්ගෙ ආදරයක් ලැබුණගමන් එයාව තමන්ගෙ මුළු ලෝකෙම කියල හිතනවා. තමන්ගෙ හැමදේම ඒ අය ගොඩනගාගන්නෙ තමන් ආදරේ කරන කෙනා මත. තමන්ගෙ අධ්‍යාපනය, ලස්සනට අඳින එක, කන බොන එක පවා ගොඩනගාගන්නෙ තමන් ආදරේ කරන කෙනා මත. එහෙම කෙනෙක්ව රැවැට්ටුවම හරි අමාරුයි දරාගන්න.
මම මේ කියන්නෙ ගැළපෙන්නෙ නැතත් එතනම එල්ලිලා ඉන්න කියල නෙවේ. නමුත් එතනින් අයින් වෙන විදිහක් තියෙනවා. තමන් සම්බන්ධය නවත්තන හේතුව කියන්න. නැතුව බොරු කිය කිය දිගින් දිගටම රවට්ටන්න එපා.
තවත් කඩාවැටෙන තැනක් තමයි විවාහ වුණාට පස්සෙ තව කෙනෙකුට ආදරේ කරන එක. විවිධ කාරණා මත විවාහයක් කරගත්ත අය වෙනත් කෙනෙකුට ආදරේ කරනවා වෙන්න පුළුවන්.
මට මුණගැහුණු ගොඩක් රෝගීන් ලිංගික සම්බන්ධතාවලට විතරක් වෙනත් සම්බන්දතා පවත්වපු අය නෙවේ. එයාලට ඇහුම්කන් දෙන්න කෙනෙක් නැති නිසා තමයි එයාල වෙන කෙනෙක්ට ළං වෙලා තියෙන්නේ. නමුත් එහෙමයි කියලා එයට නිවැරදි විසඳුමක් නොසොයා තව කෙනෙක් ගාවට ගිහින් තවත් ගැටලුවක පැටලෙන්න එපා.
සමහරු ඉන්නවා තමන්ගෙ පවුල ඇතුළෙ කිසි ගැටලුවකුත් නෑ. නමුත් යම්කිසි ආකර්ෂණයකට වෙනත් තැනක ගිහින් නතර වෙනවා. එහෙම අයගෙ තියෙන්නෙ වෙන කිසිම දෙයක් නෙවේ පෞරුෂත්වයේ ගැටලුවක්. ඒ නිසා ආදරයේදී විශ්වාසනීය වෙන්න. පක්ෂපාතී වෙන්න. ආදරේ කරනවනම් මේ දෙක හරියට දැනගෙන ආදරේ කරන්න. සෙල්ලමට ආදරේ කරලා ඒක ලෙල්ලම කරගන්න එපා.
මනෝ චිකිත්සක
මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ
එරංදි කෞශල්‍යා