අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව ගාගත් හකුරු ග්‍රෑම් 500
උකු පොල්කිරි කෝප්ප 7
ජෙලටින් මේස හැඳි 4
කපාගත් අන්නාසි කෝප්ප 1
වියලි මිදි ග්‍රෑම් 50
සාදාගන්නා ආකාරය
හකුරු පොල්කිරිවල දියකර පෙරාගන්න. ජෙලටින් කැටි නොගැසෙන සේ ඩබල් බොයිල් ක්‍රමයට දියකර පොල්කිරි හකුරු මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් සදාගත් පුඩිං මිශ්‍රණය කප් වලට දමා ශීතකරණයේ පැය තුනක් පමණ තබා අන්නාසි සමග වියලි මිදි දමාපිළිගන්වන්න.