අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්ද කරගත් ඉස්සන් 20
- පාන් පිටි කෝප්ප 1
- වතුර කෝප්ප 3/4
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- මිරිස් කුඩු තේ හැඳි 1
- Desiccated Coconut කෝප්ප 2
සාදාගන්නා ආකාරය
භාජනයකට පිටි, වතුර, මිරිස් කුඩු, ලුණු හා ගම්මිරිස් දමා හොඳින් කවලම් කරගන්න. දැන් ඉස්සන් එක් බැගින් ගෙන බැටර් එකේ දවටා පොල්වල හොඳින් දවටා ගැඹුරු තෙලේ බැදගන්න.