උපාලි පුවත්පත් සමාගමේ දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ‘අර්ථික ඝාතනය’ ග්‍රන්ථය එළඹෙන සැප්තැම්බර් 25 වැනිදා දොරට වැඩීමට නියමිතය. එම උත්සවය එදින පෙ.ව. 11.30 සිට ප.ව. 1.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී සිදු කෙරේ. මෙය ශ්‍යාම් විසින් රචිත 20 වැනි ග්‍රන්ථය වන අතර රට බංකොලොත් කිරීමේ ඇත්ත කතාව හෙළිදරව් කරමින් ඔහු මෙම ‘ආර්ථික ඝාතනය’ ග්‍රන්ථය රචනා කර ඇත.