අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් සොසේජස් කරල් 2
- චොප් කරගත් සුදු ලූනු බික් 5
- චොප් කරගත් පාස්ලි කෝප්ප 1/2
- තම්බාගත් පැස්ටා ග්‍රෑම් 500
- කෑලි මිරිස් ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- තම්බා පොත්ත ඉවත්කර බ්ලෙන්ඩ් කරගත් තක්කාලි ගෙඩි 2
- තක්කාලි සෝස් කෝප්ප 1/2
- ෆ්‍රෙෂ් මිල්ක් කොප්ප 1/4
- චීස් ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට කපාගත් සොසෙජස්, සුදු ලූනු, කෑලි මිරිස්, ලුණු හා ගම්මිරිස් දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව බ්ලෙන්ඩ් කරගත් තක්කාලි, සෝස් සහ ෆ්‍රෙෂ් මිල්ක් දමා මද වේලාවක් කලවම් කර අවසානයට චීස්, පැස්ටා සහ පාස්ලි දමා කලවම් කරගන්න.