අවශ්‍ය ද්‍රව්‍ය
- සොසේජස් කරල් 4
- මොසරැල්ලා චීස් ග්‍රෑම් 20
- වතුර කෝප්ප 3/4
- ඊස්ට් තේ හැඳි 2
- සීනි තේ හැඳි 1/2
- බිත්තර 1
- රස අනුව ලුණු
- පාන් පිටි කෝප්ප 2
- කෝන්ෆ්ලා කෝප 1/4
- කෙබාබ් ස්ටික්
- බිස්කට් කුඩු කෝප්ප 1
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
බදුනකට වතුර, ඊස්ට් සහ සීනි දමා කලවම් කර එයට බිත්තර, පාන් පිටි, කෝන්ෆ්ලා හා ලුණු එකතුකර පැයක් පමණ වසා තබන්න. චීස් දික් අතට කපාගෙන කෙබාබ් ස්ටික් එකක සොසෙජස් සහ කපාගත් චීස් රඳවා සාදාගත් බැටරයේ තවරා පසුව බිස්කට් කුඩුවල තවර ගැඹුරු තෙලේ බැදගන්න.