අවශ්‍ය ද්‍රව්‍ය
- රටකජු ග්‍රෑම් 500
- කිරිපිටි ග්‍රෑම් 150
- සීනී ග්‍රෑම් 250
- කුඩුකරගත් එනසාල් ස්වල්පයක්
- ගී මේස හැඳි 3
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
භාජනයකට රටකජු දමා මදගින්නේ මිනිත්තු 6-7 ක් බැද නිවෙන්න හැර බ්ලෙන්ඩ් කරගන්න. පෙනේරයක් ආධාරයෙන් බ්ලෙන්ඩ් කරගත් රටකජු හලා එයට කිරිපිටි එනසාල් දමා හොඳින් කලවම් කරන්න. භාජනයක් ළිප තබා සීනි එකතුකර සීනි වැසෙන ප්‍රමාණයට වතුර එකතුකර සාමාන්‍ය ප්‍රමාණයට උකුවනතුරු සිට රටකජු මිශ්‍රණය දමා හොඳින් කලවම්කර ලෑල්ලක් මත තුනීකර කැමති හැඩයකට කැබලි කපා ගන්න.