අවශ්‍ය ද්‍රව්‍ය
- මැකරෝනි ග්‍රෑම් 200
- තෙල් ස්වල්පයක්
- චීස් ග්‍රෑම් 100
- බටර් ග්‍රෑම් 25
- කෝන් පිටි/ තිරිඟු පිටි ග්‍රෑම් 20
- දියර කිරි මිලි ලීටර් 200
- අවශ්‍ය පමණට ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
උණු කරගත් ජලයට පැස්ටා, තෙල්, ලුණු ස්වල්පයක් එක් කර තම්බා ගන්න.පෑන් එකක් රත් කර එයට බටර් එක් කර බටර් දිය වූ පසු පිටි එක් කර කලවම් කරමින් පිස ගන්න. සෙමින් දියර කිරි එක් කර ඝන මිශ්‍රණයක් සකස් කරගෙන ළිප නිවා චීස් හා ගම්මිරිස් එකතු කර අවසානයේ තම්බාගත් පැස්ටා හොඳින් මිශ්‍ර කරගන්න.