අවශ්‍ය ද්‍රව්‍ය
- ඕට්ස් කෝප්ප 1
- බිත්තර 2
- සීනි කෝප්ප 1/4
- පැණි මේස හැඳි 1
- වැනිලා ස්වල්පයක්
- බේකින් පවුඩර් තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
ඕට්ස් පෑන් එකකට දමා විනාඩි 5 ක් පමණ රෝස්ට් කර හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බෝල් එකකට බිත්තර 2 ක් එකතුකර සීනි, පැණි හා වැනිලා දමා හොඳට විස්ක් කරගන්න. පසුව කුඩුකරගත් ඕට්ස් ටික හා බේකින් පවුඩර් එකතුකර හොඳින් විස්ක් කරගෙන නොන්ස්ටික් පෑන් එකකට බැටර් එක දමා දෙපැත්ත පිසගන්න.