අවශ්‍ය ද්‍රව්‍ය
කුරක්කන් පිටි ග්‍රෑම් 300
සිහින්ව කපාගත් පතෝල ග්‍රෑම් 150
ගාගත් පොල් ග්‍රෑම් 100
ලූනු ග්‍රෑම් 50
අමු මිරිස් කරල් 4
කරපිංචා ඉති 1
රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කපාගත් පතෝලවලට ලුණු ස්වල්පයක් එකතුකර විනාඩි 10 ක් පමණ තම්බා හොඳින් වතුර මිරිකා හරින්න. එම පතෝලවලට කුරක්කන් හැර අනෙකුත් සියල්ලම දමා කලවම් කරගන්න. අවසානයට කුරක්කන් පිටි දමා පොඩි කැට සිටින සේ අතින් කලවම් කර පිට්ටු බම්බුවක ආධාරයෙන් හුමාලයෙන් තම්බාගන්න.