ලක්සරි අයිටම්ස් කියන්නෙ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් ජීවිතේට එකතු කරගන්න දේවල් වලටනේ. ජීවිතේ තියෙනවනෙ වුවමනාවල් සහ අවශ්‍යතාවයන් කියල කොටස් දෙකක්. අවශ්‍යතා කියන්නෙ මනුස්සයෙක්ට ජීවත් වෙන්න ඕන මූලික දේවල්. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස වගේ දේවල්. නමුත් වුවමනා කියල කියන්නෙ අපි හදාගන්න දේවල්. අපි උදාහරණයකට වාහනයක් ගනිමුකො.
ඔයාට ගමනක් යන්න ඕනෙනම් ඒ ගමන යන්න අවශ්‍ය විදිහේ වාහනයක් තිබ්බනම් ඇති. නමුත් ඔයාට වුවමනාව තියෙන්නේ ඔයා කැමති විදිහේ වාහනයක් ගන්න. අපිට අපේ බජට් එකට ගැළපෙන්න මරුටියක් අරගෙන ඔය කියන ඕන ගමනක් බිමනක් යන්නත් පුළුවන්. හැබැයි ඔයාගෙ යාළුවො පාවිච්චි කරන්නෙ මොන්ටෙරෝ, BMWවගේ වාහන නම් ඔයාටත් ඕනෙ වෙනව ඒ වගේ එකක් ගන්න. එහෙම දේකට තමයි වුවමනාව කියල කියන්නෙ.
අවශ්‍යතාවයට මූලිකව ඕන වෙන දේවල් වලට අමතරව වුවමනාවල් සමාජය විසින් වාණිජ ලෝකයේ නිර්මාණය කරල තියෙනවා. අපි ජීවත් වෙන්නෙ වාණිජ ලෝකයක. ඒ නිසා ඒ ලෝකෙ නිර්මාණය කරල තියෙනවා අපිට වුවමනාම නැතත් විවිධ දේවල් මිලදීගන්න. අවශ්‍යතාවයක් ඇත්තටම නැතත් අවශ්‍යතාවයක් නිර්මාණය කරනවා. ලෝකෙ ලොකුම සන්නාම ඔයාටම කියල හදනවා වෙනම පන්තියක්. ආර්ථික මට්ටමක්. මේ දේ පාවිච්චි කරන්නෙ මේ පන්තියෙ අය කියලා අදහසක් දෙනවා. හරියට මරුටියෙන් ඔයාගෙ ගමන යන්න පුළුවන් වුණත් මොන්ටෙරෝ එකෙන් ඔයාගෙ ගමනට අමුතු ලක්සරි ගතියක් ලැබෙනවා වගේ.
මොනවහරි භාණ්ඩයක් විකුණගන්න ඕනෙනම් ඒ ආයතන කරන්නෙ වෙළඳ දැන්වීම් හදන එකනෙ. ඒවට ගන්නෙ ප්‍රසිද්ධ නළු නිළියො, ගායක ගායිකාවො. එහෙමත් නැත්නම් ක්‍රීඩකයො. එයාලත් මිනිස්සුන්ගෙ ඔළුවට දාන්නෙ මේක පාවිච්චි කළොත් තමයි ඔයා මේ මට්ටමට එන්නෙ කියල. ඉතින් මිනිස්සුත් හිතන්න ගන්නවා මම මේක මිලදීගෙන පාවිච්චි කළොත් තමයි මට සමාජයේ මේ වගේ තැනක් ලැබෙන්නෙ කියල. මේ විදිහට තමයි මිනිස්සු අවශ්‍යතා සහ වුවමනා අතර දෝලනය වෙන්නෙ.
සරලව ජීවත් වෙන්න ඕනෙනම් අපි අඳුරගන්න ඕනෙ අපිට අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් මොනවද කියලා. අපි ස්ටේරස් එහෙමත් නැත්නම් මානසික පීඩනය ගැන ගොඩක් කතා කරද්දි කතා කරන දෙයක් තමයි යතාර්ථය සහ මායාව අතර තියෙන දුර වැඩිවෙන්න වැඩිවෙන්න මිනිස්සු ආතතියට පත්වෙනවා වැඩියි.
අපි හිතමුකො යම් කෙනෙක්ට වාහනයක් ගන්න ඕනෙ. හැබැයි ළඟ තියෙන්නෙ ලක්ෂ 10 යි. අපිට ලක්ෂ දහයෙන් පහසුකම් අඩු සාමාන්‍ය වාහනයක් ගන්න පුළුවන්. හැබැයි ඔයාගෙ අභිප්‍රාය තියෙන්නේ ලක්ෂ 50 ක වාහනයක් ගන්න. දැන් ඔයාට ලක්ෂ 40 ක් මදි. ඉතින් ලක්ෂ 40 ගැප් එක පුරවගන්න ඔයාට වැඩියෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා.
වෙනදට වඩා හිතන්න සිද්ධ වෙනවා. සමහරවිට හොරකම් කරන්නත් පෙළඹෙන්න පුළුවන්. ඇත්ත තත්ත්වය සහ අපි බලාපොරොත්තු වෙන තත්ත්වය වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු ආතතියට පත්වෙනවා.
ඒ වගේ අපිට වර්තමානයේ දකින්න ලැබෙන තත්ත්වයක් තමයි අලුතින් ආපු අයිෆෝන් එක ගන්න මිනිස්සු පොරකන විදිහ. අයිෆෝන් එකක් ගන්න තියෙන වුවමනාවට තමන්ගෙ වකුගඩුවක් විකුණන්න කැමති වන තරුණ පිරිස් පවා අපි අතරෙ ඉන්නවා. ඒක ඒ තරමටම ටේරන්ඩ් එකක් වෙලා. මේකට ප්‍රධානම හේතුව තමන් කවුද? තමන්ට කරන්න පුළුවන් දේවල් මොනවද? තමන්ට යන්න ඕනෙ කොහෙටද කියල තේරුමක් නැතුව තව කෙනෙක් කරන පලියට කරන්න
යන එක. ඒ දේවල් ගන්න කෙනා සමහරවිට හොඳ පඩියක් හම්බෙන රස්සාවක් කරනවා ඇති. පාරම්පරාවෙන් ආ මුදල් තියෙන්නත් ඇති. ඉතින් එයාට ඒ හැකියාව තියෙනවා. මුදල් තියෙනවම් අපිට මේ ලෝකෙ ඕන දෙයක් ලබාගන්න පුළුවන්.
දැන් මිනිස්සුන්ගෙ ආදායමට වඩා වියදම වැඩියි. ඒ නිසා අපි දැනගන්න ඕනෙ ලැබෙන පඩිය කොහොමද කළමනාකරණය කරගන්නෙ කියල. ලැබන මුදලින් කොහොමද පියවරෙන් පියවර ඉස්සරහට යන්නෙ කියල. නමුත් බොහෝදෙනා කරන්නෙ තමන්ගෙ අවශ්‍යතා අඳුරගන්නෙ නැතුව එන එන රැලිවලට අහුවෙන එක.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා
උපදේශක හා මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා