ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ දෙවැනි දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාවෙන් අනුප්‍රාණය ලබමින් දෙස් විදෙස් සම්මානලාභී චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් නිෂ්පාදනය කරනු ලැබූ අමිල් අබේසුන්දර සම නිෂ්පාදනයෙන් දායක වූ ආසු චිත්‍රපටය 11 වැනිදා සිට කොළඹ PVR කැන්ඩි සිටි සෙන්ටර් ඇතුළු දිවයින පුරා සිනමාශාලාවලදී තිරගත කිරීමට නියමිතය. මේ සඳහා රංගනයෙන් උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනී සෙනෙවිරත්න, සෝමරත්න දිසානායක, ස්වේතකී වාදිසිංහ, අතුල වේරගොඩ, යශෝදා රසඳුනි, රේණුකා බාලසූරිය දායක වේ.
කැමරාකරණයෙන් විශ්ව බාලසූරියද, තිර රචනය සංජීව පුෂ්පකුමාර සහ සංගීතා නිල්නදී, සංස්කරණය අජිත් රාමනායක, ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත, සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි සහ නාමිණි පංචලා විසිනි.