අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 300
- ඊස්ට් මේස හැඳි 1/2
- සීනි මේස හැඳි 1
- ලුණු තේ හැඳි 1/2
- මද උණුසුම් වතුර මිලිලීටර් 200
- තෙල් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ලම බෝල් එකකට දමා විනාඩි 10 ක් පමණ හොදින් අනාගන්න.බෝල් එකේ තෙල් තවරා ඩෝ එක දෙගුණයක් පිපෙන්න වසා තබන්න.පිපුණු පසු අතින් හොඳින් තද කර බෝලයක් හැඩයට සාදා ගන්න.
ෆ්රයින් පෑන් එකක තෙල් තවරා පාච්මන්ට් කොළයක් දමා ඩෝ එක තබා තරමක් පැතලි කර දෙගුණයක් පිපෙන්න නැවත වසා තබන්න. පිපුණු පසු මද ගින්නෙ පියන වසා පුළුස්සා ගන්න. තෙල් තැවරූ පිගානක් උඩින් තබා අනෙක් පැත්ත හරවා ඒ පැත්තද හොඳින් පුළුස්සා ගන්න.