අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 500
- ලුණු තේ හැඳි 2
- සීනි මේස හැඳි 4
- ඊස්ට් ග්‍රෑම් 10
- මද උණුසුම් කිරි මිලිලීටර් 250
සාදාගන්නා ආකාරය
පාන් පිටි, ලුණු, සීනි සහ ඊස්ට් භාජනයකට දමා හොඳින් කලවම් කරගන්න. එයට කිරි ටික ටික එකතු කරමින් ඩෝ එකක් සාදා විනාඩි 10 ක් පමණ අනාගන්න. තෙල් තවරා ගත් බෝල් එකක ඩෝ එක තියා දෙගුණයක් පිපෙන්න හරින්න. පසුව අතින් තද කර ඇතුලෙ ඇති වායු බුබුලු ඉවත් කර කොටස් 8 කට වෙන් කරගන්න.
ලොකු සාස්පානක තෙල් තවරා තෙල් කොළයක් දමා කොළය උඩ එක එක කොටස් බෝල හැඩයට හදා තියන්න. විනාඩි 10 ක් දෙගුණයක් පිපෙන්න වසා තබන්න. අඩු ගින්දරේ පියනකින් වසා දෙපැත්ත පුළුස්සා ඉවත් කර උඩ තෙල් තවරාගන්න.