අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් මේස හැඳි 2
- ග්‍රයින්ඩ් කරගත් සීනි ග්‍රෑම් 60
- ලුණු ස්වල්පයක්
- එන්සාල් කුඩු තේ හැඳි 1/4
- වැනිලා තේ හැඳි 1
- බිත්තර 2
- පාන් පිටි ග්‍රෑම් 110
- කොකෝවා පවුඩර් ග්‍රෑම් 15
- බේකින් පවුඩර් තේ හැඳි 1
- නැවුම් එළකිරි මේස හැඳි 5-6
සාදාගන්නා ආකාරය
බටර්, සීනි, ලුණු, එන්සාල් කුඩු, වැනිලා හොඳින් Whisk කර එයට බිත්තර එක බැඟින් දමා නැවත හොඳින් Whisk කරගන්න. පාන් පිටි, කොකෝවා පවුඩර්, බේකින් පවුඩර් හලාගෙන එම මිශ්‍රණයටම දමා එකම පැත්තට Whisk කරන්න. දැන් එළකිරි දමා බැටර් එක සාදා ගන්න.Sandwich Maker එක ප්‍රීහීට් කර තෙල් තවරා බැටර් එකෙන් ටික ටික දමා සකසාගන්න.