අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ග්‍රෑම් 150
- පිටි ග්‍රෑම් 50
- ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් 1
- චීස් ග්‍රෑම් 100
- සුදුලූනු බික් 5
- සුදු ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සුදුලූනු චොප් කරගන්න. පෑන් එකක් ළිපේ තබා රත්වෙන විට බටර් ටික එකතුකරගන්න. බටර් රත් වෙන විට එයට පාන් පිටි එකතුකර හොඳින් කලවම්කර ගනිමින් තලපයක් ලෙස එන විට එයට කිරි මිශ්‍ර කරගනිමින් හොඳින් කලවම් කරගන්න.
පිටි හොඳින් කිරිවල මිශ්‍ර වූ පසු එයට චීස් එකතුකර හොඳින් කලවම් කරන්න. ගම්මිරිස්කුඩු, රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම් කර සෝස් එක උකු වීගෙන එන විට ළිපෙන් ඉවත් කරගන්න.