අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති කොච්චි වර්ගෙකින් ග්‍රෑම් 50
- සුදුලූනු ගෙඩි 1
- අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
- විනාකිරි මේස හැඳි 2
- සීනි මේස හැඳි 3
- රස අනුව ලුණු
- දෙහිගෙඩි 10 ක ඇඹුල්
සාදාගන්නා ආකාරය
කොච්චි, සුදුලූනු, ඉඟුරු තරමක ලොකු කෑලිවලට කපාගන්න. දැන් ග්‍රයින්ඩ් එකට කපාගත් මිරිස්, සුදුලූනු, ඉඟුරු එකතුකර විනාකිරි එකතුකරගනිමින් පේස්ට් වනතුරු ග්‍රයින්ඩ් කරගන්න. ග්‍රයින්ඩ් කරගත් කොච්චි මිරිස් මිශ්‍රණය භාජනයකට දමා එයට රස අනුව ලුණු, සීනි, දෙහි ඇඹුල් එකතුකර හොඳින් කලවම්කරගන්න.