ගාසා තීරයේ හටගෙන තිබෙන යුද ගැටුම් හේතුවෙන් අතුරුදන්ව සිටි ශ්රී ලාංකීය කාන්තාව මියගොස් ඇති බවට ඊශ්රායලය පොලිස් දෙපාර්තමේන්තුව තහවුරු කළ බව ඊශ්රායල් ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්රකාශ කරයි. පසුගිය 07 දා ඊශ්රායලයට එල්ල වූ හමාස් ප්රහාරයෙන් පසුව අනුලා ජයතිලක නැමැති මෙම ශ්රී ලාංකික කත අතුරුදන්ව සිටි නමුත් ඇය මියගොස් ඇතැයි එරට පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ (17) තහවුරු කළ බවද ඒ මහතා පවසයි. කැලණිය, ඊරියවැටිය ප්රදේශයේ පදිංචිව සිටි අනුලා ජයතිලක මහත්මියගේ මෘත දේහය ඉදිරියේදී ශ්රී ලංකා තානාපති කාර්යාලයට භාර දීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
Reading:
ගාසා තීරයේ අතුරුදන් වූ ශ්රී ලාංකික කත මියගිහින්