අපේ පහසුව සහ බොහෝ විට පාවිච්චියෙන් පසු ඉවත දැමීමේ හැකියාව නිසා අපි ප්ලාස්ටික් ඇසුරුම් ගැන වැඩි උනන්දුවක් දක්වනවා. ප්ලාස්ටික් ඇසුරුම් නිෂ්පාදනයේදී විවිධ සංයෝග භාවිත කරනවා. ඒ අතර Bisphenyl A ( BPA ) ප්ලාස්ටික් නිෂ්පාදනයේදී බහුලව යොදා ගැනෙනවා. 1960 දශකයේ පටන් භාවිතයට යොදා ගත් Bisphenyl A ( BPA ) ගැන දැන් අසන්නට ලැබෙන තොරතුරු එතරම් හිතකර නැහැ.
නැවත පාවිච්චි කරන බෝතල් සෑදීමේදී සහ ආහාර අසුරණ කෑන් (Can) වල අභ්‍යන්තරයේ ඇති ආස්තරණය සෑදීමට BPA බහුලව යොදාගැනෙනවා. මෙම සංයෝගය හෝර්මෝන සහ ලිංගික ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු සමග වැඩි සම්බන්ධතාවක් පවතින බැව් මේ වනවිටත් තහවුරු වී තිබෙනවා.
ඒ වගේම පුරුෂ ශුක්‍රාණු අඩු කිරීමට, මද සරු බවට සහ පියයුරු, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්ත්වයන්ටත් බලපාන බැව් මෙතෙක් අප අසන ලද තොරතුරු අතර තිබුණ අසුබ ආරංචි බැව් කිව යුතුයි.
දරුවන්ට ඇතිවන බලපෑම ගැනත් අධ්‍යනයන් සිදු වී තිබෙනවා.
පසුගිය දිනක නිව් ජර්සිහි රෝවන් සහ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදුකරන ලද අධ්‍යනයක් මගින් Bisphenyl A ( BPA ) සම්බන්ධයෙන් තවත් අහිතකර ප්‍රවෘත්තියක් හෙළිදරව් වී තිබෙනවා. ඔටිසම් සහ ADHD Attentiondeficit/hyperactivity disorder (ADHD) ස්නායු ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන්ගෙන් පසුවන දරුවන්ට මෙමගින් වැඩි බලපෑමක් එල්ලවීමට තිබෙන බැව් පර්යේෂකයන් සඳහන් කර තිබෙනවා.
ඒ නිසාම 2023 වසරේ මුල පටන්ම බොහෝ රටවල් විසින් අනතුරුදායක සංයෝග ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවෙන් යොදාගැනීම හැකිතාක් අවම කිරීමේ අවශ්‍යතාව තේරුම් ගෙන තිබෙනවා. එහෙත් තවමත් ඇමරිකා එක්සත් ජනපදය බටහිර රටවලට සාපේක්ෂව වැඩි වශයෙන් Bisphenyl A ඔවුන්ගේ නිෂ්පාදන වෙනුවෙන් යොදා ගන්නවා. 2017 වසරේ සිට ලෝකයේ වෙනත් රටවලට වඩා ඇමරිකා එක්සත් ජනපදයේ autism සහ ADHD රෝග තත්ත්වයන්ට ගොදුරු වන දරුවන්ගේ සංඛ්‍යාත්මක වර්ධනයක්ද දක්නට ලැබෙනවා.
සිරුරේ විෂ හරණය
අපේ සිරුරේ විෂ හරණය ගැන සලකා බැලීමේදී සාමාන්‍ය නීරෝගී පුද්ගලයන්ට වඩා ඉහත සඳහන් රෝගී දරුවන්ගේ සිරුරේ විෂ හරණය ක්‍රියාවලියේ යම් යම් ගැටලු තිබෙනවා. ඒ නිසාම ඔවුන්ට මෙම Bisphenyl A රසායනික සංයෝගයන්ගේ බලපෑම නීරෝගී දරුවන්ට වඩා වැඩි බලපෑමක් ඇතිකරනවා.
සිරුරේ විෂහරණය සහ Bisphenyl A අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය මුල් කරගෙන සිදු කරන ලද අධ්‍යනය වෙනුවෙන් ආබාධ සහිත දරුවන් කණ්ඩායමක් තෝරා ගත්තා. මේ අතරට ඔටිසම් දරුවන් 66 ක් ADHD දරුවන් 46 ක් සහ ස්නායු ආබාධ සහිත දරුවන් 37 දෙනෙක් තෝරාගත්තා. මේ දරුවන් වයස අවුරුදු 3 සිට 16 අතරට ඇතුළත් වුණා. මෙම දරුවන්ට ආහාර සහ විටමින් වර්ග ලබා දී, උදේ 10 සිට සවස 4 දක්වා දරුවන්ගෙන් ලබාගත් මුත්‍රා සාම්පල ශීත කරමින් එහි ඇති BPA සංයෝග ගැන අධ්‍යනය කළා.
එලෙස ලබාගත් දත්ත අනුව ඔටිසම් රෝගී දරුවන්ට බැහැර කිරීමේ හැකියාව 10% කින්ද, ADHD, දරුවන්ගේ එම හැකියාව අඩු මට්ටමකද තිබුණා. මෙම දරුවන්ගේ සිරුරේ පවතින අන්තරාසර්ග ගැටලු නිසා මෙම දරුවන්ට සිරුරෙන් බැහැර කිරීමේ යම් බාධාවක් ඇති වී තිබෙන බැව් Roman-Virtua විශ්වවිද්‍යාලයේ අස්ථි චිකිත්සාව පිළිබඳ මහාචාර්ය පීටර් ස්ටෙයින් සඳහන් කරනවා.
ප්‍රංශය දැනටමත් පියවර ගෙන තිබෙනවා
ඉහත අධ්‍යන වාර්තාව PLOS One මගින් ප්‍රකාශයටත් පත් කර තිබෙනවා. ඒ නිසා ප්‍රංශය විසින් මේ ගැන දැනටමත් පියවර ගැනීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙනවා. පිරිමි දරුවන් සියයකින් 4 දෙනෙක් වගේම ගැහැනු දරුවන් 100 ක් අතර එක් අයෙකු උක්ත රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසාම අනාගතයේදී ප්‍රංශයේ ආහාර ඇසුරුම් වෙනුවෙන් BPA යොදා ගැනීම සඳහා සීමාවන් පැනවීමට කටයුතු සූදානම් වෙමින් තිබෙනවා.
ඔටිසම් වැනි රෝග තත්ත්වයන් සඳහා නිශ්චිත හේතුවක් නැහැ. මොළය වර්ධනය වන අවදියේදී සිදුවන ජාන සහ පාරිසරික බලපෑම මෙයට හේතුවක් වීමට හැකි බැව් පර්යේෂකයන් සඳහන් කරනවා. ADHD රෝග තත්ත්වය ළමා වියේදී හඳුනාගත හැකි වුණත් මෑත කාලයේදී වැඩිහිටි දරුවන් අතරත් ADHD රෝගී තත්ත්වය දක්නට තිබෙනවා.
අවධාන ඌනතාව සහිත දරුවන්ගේ පණිවිඩ සම්ප්‍රේෂණ කටයුතු පවත්වා ගැනීමේදී dopamine ඖෂධය භාවිත වෙනවා. මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය නිසා මොළයේ සන්නිවේදනය යහපත් පරිදි සිදුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් පැහැදිලිව සිතීම, අවධානය දැක්වීම වැනි කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට හැකියාව ලැබෙනවා. 2020 – 2021 අතර කාලයේදී කාන්තාවන් අතරින් 20% කට සහ පිරිමින් අතරින් 15% ක් පමණ පිරිසක් බාහිර ලෙසින් dopamine ලබාගැනීමට යොමු වී සිටිනවා.
අපි BPA යොදාගෙන නිෂ්පාදනය කරන්නේ ප්ලාස්ටික් පමණක් නොවේ. වතුර බෝතල්, අව් කණ්ණාඩි වැනි එදිනෙදා පරිහරණය කරන බොහෝ දේවල් වෙනුවෙන් BPA භාවිත කරනවා. ඒ නිසාම ADHD ඔටිසම් සහ ස්නායු ආබාධ දරුවන් පමණක් නොව සාමාන්‍ය ජනතාව සඳහාත් මෙයින් සෞඛ්‍ය ගැටලු ඇතිවීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසාම BPA අපේ සිරුරට ඇතිකරන බලපෑම මුල් කරගත් අධ්‍යනය මෙතැනින් අවසාන නැති බැව් පර්යේෂකයන් විසින් සඳහන් කර තිබෙනවා.
Daily mail ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා