ගුණාත්මක මළ නොබැඳෙන වානේ පෑන් ජීවිත කාලය පුරාවටම පවතින බව ඔබ අසා ඇති. හැබැයි වැඩිකල් තියාගන්න පුළුවන් කියන මේ මළ නොබැඳෙන වානේ ඇත්තටම කල් තියාගන්නෙ කොහොමද? හොඳට පරිස්සම් කරනවනම් මල නොබැඳෙන වානේ බඳුන් අවුරුදු විස්සක් විතර වුණත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ලාබෙට තියෙන බාල මළ නොබැඳෙන වානේ බඳුන් අරගෙන ඒවත් කිසිම වගකීමක් නැතුව ඔහේ පරිස්සම් නැතුව නම් තියගෙන ඉන්නෙ ඒ භාජන ගන්න එපා.
හරියට පිරිසිදු කරගන්න
මළ නොබැඳෙන වානේ බඳුන් පිරිසිඳු කරගන්න විදිය ඒවයෙ කල්පැවැත්මට ගොඩක් බලපානවා. මේ වගේ භාජනවල උයල ඉවර වුණාට පස්සෙ පිරිසිදු කරගන්න පුළුවන් හොඳම විදිහ තමයි සබන් සහ වතුර යොදාගෙන පිරිසිදු කිරීම.කෑම හැදුවට පස්සෙ භාජනයෙ ගෑවුණ තෙල් ටිශූ කඩදාසියකින් පිහිදලා වතුර සහ සබන් දාලා හොඳට හෝදගන්න. වැඩිපුර කරවෙච්ච කෑම ඇලවිල තියනවනම් යකඩ කෑලිවලින් භාජනේ සූරන්න නම් එපා.ඒ වෙනුවට ස්ක්‍රබ් එකක් හරි මල නොබැඳෙන වානේ ක්ලීනර් එකක් පාවිච්චි කරන්න ඔබට පුළුවන්.
මුලින්ම කරවෙලා ඇලිච්ච කෑම ස්ක්‍රබ් එක පාවිච්චි කරල අයින් කරගෙන මළ නොබැඳෙන වානේ ක්ලීනර් එක දාලා බ්‍රශ් එකකින් වගේ මැදගන්න. ඔක්කොම කෑම අයින් වෙලා ගියාට පස්සෙ වතුර දාලා හොඳට හෝදගන්න.මේ වගේ කරවුණ කෑම ජාති ඒත් හිරවෙලා, ඉතුරුවෙලා තියෙනවනම් ඔයාට පුළුවන් උණු වතුර උදව්වක් කරගෙන මේ භාජන පිරිසිඳු කරගන්න. මළ නොබැඳෙන වානේ ක්ලීනර් දාපු උණු වතුර භාජනේට දාලා විනාඩි 10 ක් වගේ තියල ඉන්පස්සෙ හොඳට පිරිසිඳු කරගන්න.
රස්නෙ නිසා ඇතිවෙච්ච පැල්ලම් යවාගන්නෙ කොහොමද?
මළ නොබැඳෙන වානේ පෑන් මුහුණ දෙන විශාලතම ගැටලුවලින් එකක් තමයි පෑන් එක එළියේ රස්නෙ නිසා ඇතිවන ලප. පෑන් නිසි ලෙස පිරිසිදු නොකර දිනපතා පාවිච්චි කළොත් ඒව වැඩිවෙනවා. ලොකු පෑන් එකක සුදු විනාකිරි පුරවල, මල නොබැඳෙන වානේ පෑන් එක සුදු විනාකිරි තුළ විනාඩි 10 ක් දාලා තියන්න. ඉන්පස්සෙ ස්පොන්ජ් එකක් පාවිච්චි කරලා ඒක පිහිදගන්න.
වතුර ලප
මළ නොබැඳෙන වානේ භාජන හෝදලා හරියට පිහිදාන්නෙ නැතුව තිබුණාම ඊළඟට මතුවෙන්නෙ වතුර ලප. මේකට නම් ට්‍රික්ස් මුකුත් නැහැ. කරන්න තියෙන්නෙ භාජනය හෝදපු ගමන් හොඳට පිහදන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ.
දිනපතා පිරිසිදු කරන්නේ කොහොමද?
ඔයාගෙ ගෙදරත් මේ මල නොබැඳෙන භාජන දිනපතා පාවිච්චි කරනවනම් මේ ටිප් එක ගොඩක් වැදගත් වෙයි මේ භාජන කාලයක් තියාගන්න. ඒ පිරිසිදු කිරීම්වලට හැම තිස්සෙම භාජනේ හීරෙන්නෙ නැති ඩිශ් වොශ් එකක් සහ මෘදු ස්ක්‍රබ් එකක් හරි රෙදි කෑල්ලක් හරි යොදාගන්න. ස්ක්‍රබ් කරන්න කලින් මද උණුසුම් සබන් වතුරේ දාලා තියෙන එකත් හොඳ ප්‍රතිපලයක් ඔබට බලාගන්න පුළුවන්.
මළ නොබැඳෙන වානේ කල් තියාගන්න ඕන නම් මෙන්න මේව කරන්න එපා
භාජනේ ඇතුළෙ තියාගෙන කෑම ජාති කපන්න කොටන්න තියාගන්න එපා. මොකද පොඩි හීරිමක් ඇති මේ මළ නොබැඳෙන වානේ බඩුවලට කල් ඉකුත් වෙන්න. පාවිච්චි කරන හැඳි ලී හෝ සිලිකන් හැඳි නම් වඩාත් හොඳය. මොකද ඒවයින් භාජනයට වෙන්න පුළුවන් සීරීම් ඉතා අවම වීමයි.
ඕනවට වඩා රත්කරගන්නත් එපා. කොහොමත් කෑම බීම ඕනවට වඩා තම්බ ගන්න එකෙන් වෙන්නෙ ඒවයි ගුණ අඩුවෙන එක. ඉතින් මළ නොබැඳෙන වානේ භාජනයක් ඕනවට වඩා රත්කරගත්තොත් අඩුවෙන්නෙ කෑමෙ ගුණ විතරක්ම නෙවෙයි තමන්ගෙ භාජනයත් ඉක්මනට විනාශ වෙලා යන එකයි.
රත් වෙච්ච ගමන් හෝදන්න එපා. ළිපෙන් බාපු ගමන් භාජනේ හෝදන්න දාන්න එපා. පොඩ්ඩක් සිසිල් වෙන්න දෙන්න. ඒකත් මේ මල නොබැඳෙන වානේ භාජන කල් තියාගන්න ඔබට ලොකු උදව්වක්.
(Smartlady.lk ඇසුරෙන් )
අර්චිත ඉඳුවර