අන්ධ පුද්ගලයකු තමන් නොදකින දෙයක් සිතෙන් දැක සතුටු වෙති. අද ඔබට නවලිය මඟින් ඉදිරිපත් කෙරෙනුයේ සැබෑ සතුට ඇතිවන්නේ මනස තෘප්තිමත් කිරීමෙන් මිස ඇසට පෙනෙන ස්පර්ෂයට හසුවන හෝ සවනට ඇසෙන දේවලින් නොවන බව පෙන්වීමය.
ලස්සනම දේවල් දැනෙන්නේ හදවතටයි
“ලෝකයේ හොඳම සහ ලස්සනම දේවල් දැකීමට හෝ ඇල්ලීමට නොහැකිය. එහෙත් ඒවා හදවතට දැනේ ” මේ ප්‍රකාශය කළේ අන්ධ හා බිහිරි කාන්තාවකව සිටියදීත් යහපත් සන්නිවේදනය තුළින් ලොව ජයගත් හෙලන් කෙලර්ය.
හදවතින් ලස්සන දැකීමේ අරුත
අපට වස්තූන් සතුට ගෙන දුන්නත් අසන දකින දේ ඉවත් කළ විට අප සිත් තුළ ඉතිරිවන්නේ සතුට පිරි පරමාදර්ශ සහ හැඟීම් පමණකි.
වැදගත් වන්නේ සුන්දරත්වය පිළිබඳ හැඟීමයි
ලස්සනයි යනුවෙන් අප මුවින් වචන පිටවන්නේ ස්වයංක්‍රියවය. ඔබ යමකු අලුත් ඇඳුමකින් සැරසී සිටනවා හෝ වළාකුළු වර්ණ ගැන්වී හිරු බැසයාමක් ගැන සතුට ප්‍රකාශ කරයි. එහෙත් අලංකාරය ඔබ තුළ ගැඹුරට කා වැදීමක් ඔබ දකින හෝ අසන දේ තුළින් සිදුනොවෙයි.
ඔබ යමකට ආශා කරන කල එයින් හුස්ම හිරකරන අන්දමේ උද්වේගයක් හෝ පුදුමයක් දැනෙන්නේ නම් ඒ ස්වයංක්‍රීය සතුට නොව හදවතට දැනෙන සැබෑ සතුටයි. වෙනත් කුඩා දරුවකු විසින් කුරුටු ගාන ලද අකුරු දැකීමට වඩා ඔබේම දරුවා විසින් කුරුටු ගාන ලද ඒ හා සමානම අකුරු දැකීමේදී ඔබේ හදවතට දැනෙන සතුට වෙනස්ය. ඒ ඇතුළාන්තයෙන් නැගෙන පහන් සුවයයි.
ඔබේ ජීවිතයට එම හැඟීම අදාළ කරගන්නේ කෙසේද?
අප අවට කුමක් සිදුවන්නේදැයි විමසිලිමත් වෙන්න. නිතරම “ඒක තමයි හොඳම” හෝ “ඒක ලස්සනයි” යන පාඨ මෙනෙහි කරන්න. එමඟින් ඔබට කිසිවක් නොදැනුනත් නිසැකයෙන්ම ඒ සඳහා අවස්ථාව උදාකර ගත හැකිය. මොහොතක් නිසලවන්න. ඔබට ඇසෙන හෝ පෙනෙන දෙය ගැන අවධාරණය කරන්න.
සමාජ අවශ්‍යතා අනුව නොව ඔබ හදවත තුළින්ම යමකට ඇලුම් වීමට එවිට ඔබට හැකිවනු ඇත. “මේක නම් ලස්සනයි”, මේක හොඳයි යන අන්ධ ව්‍යවහාරයෙන් ගැළවී ඇතුළාන්තයෙන් ලස්සන වින්දනය කිරීමට ඔබ ක්‍රමයෙන් හුරුවනු ඇත. බොහෝ අය ලස්සන හෝ හොඳ ප්‍රකාශ කරන්නේ තමුන්ගේ ළැදිකම්, පක්ෂපාතකම් අනුව බව සලකන්න. හදවතට දැනුණු ලස්සනක් ළංවී තිබුණත් දුරස් වූවත් මතකයෙන් ඉවත් නොවේ.
අවසන් තීරණය ඔබගේයි
සුපුරුදු ජීවිතයම ගත කරන්නේද, මෙතෙක් මගහැරුණු ලස්සන දකින්නේද, ඒ සෑම අවස්ථාවක් වෙනුවෙන්ම සුළු කාලයක් කැපකරන්නේද යන්න ඔබට තීරණය කළ හැකිය. මින්පසු යමකට ලස්සනයි කීමට පළමු එය හදවතින් විඳගැනීමට පුරුදු වෙන්න. ඔබ ඇතුළාන්තය නොනැසෙන සතුටින් ඒකාලෝක වනු නියතය.
https://philosiblog.com/ ඇසුරිනි.
සුනිල් අල්ගම