අවශ්‍ය ද්‍රව්‍ය
- කොස් ඇට ග්‍රෑම් 500
- සුදු හාල් පිටි ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 250
- එනසාල් ඇට 3-4
- පොල් කිරි ලීටර් 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කොස් ඇටවල කුරුට්ට ඉවත්කර තම්බා පොඩි කර තලපයක් ආකාරයට සාදාගන්න. භාජනයක් ගෙන එයට පොල් කිරි, හාල් පිටි, සීන, කරදමුංගු, ලුණු සහ සාදාගත් කොස් ඇට තලපය එකතුකර උකු මිශ්‍රණයක් සාදාගන්න. මිශ්‍රණය නිවුණු පසු තැටියකට දමා තුනී කර කෑලි කපා ගන්න.