අවශ්‍ය ද්‍රව්‍ය
- කොස් ඇට ග්‍රෑම් 500
- හාල් පිටි ග්‍රෑම් 200
- ආප්ප සෝඩා තේ හැඳි 1/2
- රස අනුව ලුණු
- අවශ්‍ය පමණට වතුර
තෙම්පරාදුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය
- අබ ඇට තේ හැඳි 1
- සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50
- වියළි මිරිස් කරල් 5-6
- සූදුරු තේ හැඳි 1/2
- තෙල් මේස හැඳි 5
සාදාගන්නා ආකාරය
කොස් ඇට හොඳින් තම්බා පොඩි කර එයට හාල් පිටි, ආප්ප සෝඩා සහ ලුණු එකතුකර උකු මිශ්‍රණයක් සාදා විනාඩි 30 ක් තබන්න. තෙල් රත් වූ භාජනයකට තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම දමා හොඳින් කලවම් කර සාදාගත් කොස් ඇට මිශ්‍රණය එකතුකරගන්න. තොසේ තැටියට ස්වල්පය බැගින් දමා පුළුස්සාගන්න.