අවශ්‍ය ද්‍රව්‍ය
- කාරල්ලෝ ග්‍රෑම් 200
- ලූනූ ගෙඩි 1/2
- තරමක ලොකු තක්කාලි ගෙඩි 1
- අමුමිරිස් කරල් 2
- සූදුරු ඇට කිහිපයක්
- කොත්තමල්ලි ඇට කිහිපයක්
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- කහකුඩු තේ හැඳි 1/2
- සුදුලූනු බික් 4
- කරපිංචා ඉති 2
- කොත්තමල්ලි කොළ හෝ මිංචි කොළ මිටක්
- පොල්තෙල් මේස හැඳි 1
- පොල්කිරි මිටිකිරි දියකිරි එකට කෝප්ප 3
- දෙහි යුෂ
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිපේ තබා එය රත් වූ පසු තෙල් ටික එකතුකරගන්න. එයට ලූනු, සුදුලූනු, අමුමිරිස්, තක්කාලි, කරපිංචා එකතුකර තෙම්පරාදු කර මාළු ටික එකතුකර සූදුරු, කොත්තමල්ලි කැබලි සිටින සේ තලා එයට කහ, ගම්මිරිස්කුඩු, එකතුකරගන්න.
මදගින්දරේ විනාඩි පහක් පමණ පිසගෙන එයට පොල්කිරිටික එකතුකරගන්න. සුප් එක උතුරගෙන එනවිට එයට කොත්තමල්ලි කොළ හෝ මිංචිකොළ එකතුකරන්න. රස අනුව ලුණු එකතුකර ළිපෙන් ඉවතටගන්න. සුප් එක හොඳින් බ්ලෙන්ඩ් කර පෙරා එයට දෙහි බිංදු කිහිපයක් එකතුකර පිළිගන්වන්න.