අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 2
- කටු නැති කුකුල් මස් කැබලි 3
- සුදු ලූනු බික් 3
- රතු ලූනු ගෙඩි 5
- ෆ්රෙෂ්මිල්ක් කෝප්ප 1
- චීස් කෑල්ලක්
- කහ කුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1/4
- බටර් මේස හැඳි 2
- වතුර කෝප්ප 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අල තරමක් ලොකු කැබලිවලට කපාගන්න. කුකුල් මස් කුඩා කැබලිවලට කපා එයට රතුලූනු, සුදුලූනු චොප් කර එකතුකරගන්න. භාජනයක් ළිපේ තබා එය රත්වන විට බටර් එකතුකරන්න. බටර් රත්වන විට එයට කපාගත් ලූනු, සුදුලූනු එකතුකර තෙම්පරාදු කර අල, කුකුල් මස්, කහකුඩු, ගම්මිරිස් කුඩු , රස අනුව ලුණු එකතුකර වතුර හිඳෙන තෙක් තම්බාගෙන එයට ෆ්රෙෂ්මිල්ක් සහ චීස් එකතුකර උතුරවා ළිපෙන් ඉවත්කරගන්න. අවසානයේ හොඳින් බ්ලෙන්ඩ් කර උණුවෙන්ම රස බලන්න.