“හොඳට කන්නෙ බොන්නෙ නැතිව ජීවත් වෙලා වැඩක් නැහැ” බොහෝ දෙනා මෙසේ පැවසුවත් හරියට කෑම කන ආකාරය සමහරු නොදනිති. කෑමක් ලැබුණු විගස ගිලගෙන ගිලගෙන යෑම සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ.
මුඛයේදී මොනවාද වෙන්නේ?
ආහාර ජීර්ණය බඩවැලට පමණක් අයිති කාර්යයක් ලෙස සිතීම වැරදියි. මුළු ආහාර ජීර්ණ කාර්යාවලියම ආරම්භ වන්නේ ඔබේ මුඛයෙනි. එසේනම් අප මුඛයේ කාර්යභාරය සිදුකළ යුතුමය. ආහාර හපන විට ජීර්ණය වීමට පහසුවන ආකාරයට කුඩා කැබලිවලට කැඩේ. ඛේටය සමග මිශ්‍ර වන ආහාර කැබලි වලින් පෝෂ්‍ය පදාර්ථ වැඩි ප්‍රමාණයක් සිරුරට උරාගැනීමට මෙමගින් හැකිවෙයි.
තිස් දෙවතාවක් හපන්න
ආහාර ගිලීමට පළමු තිස් දෙවතාවක් හැපීම විශේෂඥ නිර්දේශයයි. එය පොදු නිර්දේශයයි. කොමඩු වැනි ආහාර බිඳී කෑමට එතරම් වාර ගණනක් හැපීම අවශ්‍ය නොවේ.
ආහාර ජීර්ණ ක්‍රියාවලිය
ආහාර හැපීම යනු දිරවීමේ පළමු පියවරයි. කෙළ බිඳී ආහාර කැබලි සමග මිශ්‍ර වූ පසු අන්නසෝත්‍රය කරා යන අතර එහිදී ඒවා ආමාශය වෙතට තල්ලු කෙරේ. එහිදී එන්සයිම හා මිශ්‍රවන ආහාර අඛණ්ඩව බිඳ දමනු ලබයි. ප්‍රමාණවත් තරමට ජීර්ණය වූ ආහාර කුඩා අන්ත්රය තුළට ගමන් කිරීමෙන් පසු තවත් එන්සයිම සමග මිශ්‍ර වී අඛණ්ඩව බිඳවැටේ. ආහාරවල තිබූ පෝෂ්‍ය පදාර්ථ කුඩා අන්ත්රය මගින් අවශෝෂණය කෙරෙන අතර ඉතිරිවන කොටස් ගුද මාර්ගයෙන් බැහැර කෙරේ.
සෙමින් සපන්න
වේගයෙන් ආහාර සැපීම නිසා ඔබ අධික ප්‍රමාණයක් ආහාර ගැනීමට නැඹුරු වේ. සෙමින් ආහාර ගන්නා විට සහනකාරී බවක් සහ කුසගිනි නිවුණු බවක් දැනේ. එමගින් සිරුරට වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලැබීම ඊට හේතුවයි.
හපන්න පුරුදු වෙන්නේ කොහොමද?
තොල් වසාගෙන හැපීම ආරම්භ කරන්න. ඔබේ දිව මගින් ආහාර මුඛයේ දෙපැත්තට ගෙනයා යුතු අතර හකු යම්තම් සෙලවිය යුතුය. සෑම ආහාරයක්ම 32 දක්වා ගණන් කරමින් සෙමින් සපන්න. ආහාර වර්ගය අනුව කාලය මීට අඩු හෝ වැඩි විය හැකිය.
හොඳින් නොසැපුවහොත් මොනවද වෙන්නේ?
ඔබ ප්‍රමාණවත් ලෙස ආහාර නොසැපූවහොත් ආහාර සම්පූර්ණයෙන්ම බිඳහෙළීමට තරම් ප්‍රමාණවත් එන්සයිම නොලැබී දිරවීමේ ගැටලු මතුවේ. එමගින් හිස්මොළේ යෑම සහ කැස්ස, ශ්වසන අපහසුතා, මන්දපෝෂණය සහ විජලනය ඇතිවිය හැකිය. බඩපිපීම, පාචනය, පපුවේ දැවිල්ල, අම්ලය උගුරට ඒම, මස්පිඬු පෙරළීම, ඔක්කාරය, හිසරදය, සමේ ආබාධ, කේන්තියාම, මන්දපෝෂණය, අජීර්ණය, ගැස්ට්‍රයිටිස් ආදී අතුරු ආබාධ ඇතිවිය හැකිය.
හෙමින් කන්න
ආහාර ගැනීමෙන් පසු කුසගින්න නැති බව දන්වන හෝමෝන මගින් මොළයට එය දන්වන අතර ඉක්මනින් ආහාර ගන්නා අයගේ ස්රාවය වන්නේ කුසගිනි බව දක්වන හෝමෝන නිසා ඔවුන් තව ආහාර ගැනීමට පෙළඹේ. මේ නිසා අධික ආහාර ගැනීම හේතුවෙන් ඉක්මනින් ආහාර ගන්නා අයගේ බර වැඩිවේ.
(https://www.healthline.com ඇසුරෙන්)
සුනිල් අල්ගම