අවශ්‍ය ද්‍රව්‍ය
- බත් කෝප්පයක්
- අවශ්‍ය පරිදි මයෝනිස්
- බිත්තර 2
- අවශ්‍ය ප්‍රමාණයට කැරට්, ලීක්ස්, අල
- රස අනුව ලුණු
- චොප්කරගත් සුදුලූනු බික් 3
- කරපිංචා ස්වල්පයක්
- ගම්මිරිස් තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
කැරට්, ලීක්ස්, අල සිහින්ව කපා ලුණු, සුදු ලූනු, කරපිංචා ගම්මිරිස්, බිත්තර සමග හොඳින් ගසාගන්න. ඉන්පසුව තම්බාගත් බත් එයට එක් කර බත් ඇට වෙන්වන පරිදි නැවතත් ගසාගන්න. පැන් එකක් රත් කර එයට තෙල් ස්වල්පයක් එකතුකර සාදාගත් මිශ්‍රණයෙන් ඔම්ලට් සාදා මයෝනිස් තවරාගන්න.