අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් ග්‍රෑම් 250
- මයෝනිස් මේස හැඳි 3
- බිත්තර 3
- සිහින්ව කපාගත් ලූනු ගෙඩියක්
- සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක්
- චොප්කරගත් බෙල්පෙපර් ගෙඩියක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- කිරි කෝප්ප 1/4
- බටර් මේස හැඳි 1
- තලාගත් සුදුලූනූ තේ හැඳි 2
- හොට් සෝස් ස්වල්පයක්
- චෙඩාර් චීස් පෙති කිහිපයක්
- ටෝටිලා රොටි 2
සාදාගන්නා ආකාරය
බෝල් එකකට සිහින්ව කපා ගත් ලූනූ, තක්කාලි හා බෙල්පෙපර් දමා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතුකරගන්න. වෙනත් බෝල් එකකට මයෝනිස් දාමා කිරි මේසහැඳි 3 කලවම් කරගන්න. චිකන් කුඩා කැබලිවලට කපා බැදගන්න. බිත්තර කඩා වෙනම බෝල් එකකට දමාගන්න.
ලුණු හා කිරි මේසහැඳි 4 කලවම් කර පෑන් එකට බටර් ටිකක් එකතුකර සුදුලූනූ ටික එකතුකරගන්න. පසුව බිත්තර මිශ්‍රණය එකතුකර ස්කැම්බල් කරගෙන එයට චිකන් එකතු කරගන්න. ටෝටිලා මැදට හොට්සෝස් සමග සාදාගත් සැලඩ් එකෙන් ටිකක් එකතුකර උඩින් බිත්තර හා චිකන් එකතුකර මයෝනිස් සෝස් සමග චෙඩාර් චීස්පෙති දෙකක් තබා නවාගෙන මද ගින්දරේ විනාඩි 5 ක් පුළුස්සගන්න.