අවශ්‍ය ද්‍රව්‍ය
- අවශ්‍ය පරිදි මයෝනිස්
- පේස්ට්‍රි ශීට් එකක්
- අඹරාගත් මස් ග්‍රෑම් 450
- චොප් කරගත් ලූණු ගෙඩියක්
- කොටු හැඩයට කපාගත් කැරට්
- අලයක් හා අල ගෙඩියක්
- චොප් කරගත් සැල්දිරි දණ්ඩක්
- තලාගත් සුදුලූනු බික් 2
- බිත්තර 1
- රස අනුව ලුණු, ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
තෙල් ස්වල්පයක් රත් වන්නට හැර අල, කැරට්, සැල්දිරි සහ ලූණු එක් කර විනාඩි හත අටක් හොඳින් පිසගන්න. අවසානයේ සුදුලූණු එක් කර විනාඩියකින් පමණ ළිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න. මස් වලට නිවාගත් එළවළු එක් කර එයට රස අනුව ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් අනා ගසාගත් බිත්තරයෙන් බාගයක් එක් කර මිශ්‍ර කරගන්න.
පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ උපදෙස් පරිදි තුනී කරගෙන එහි එක් කෙළවරකින් මස් මිශ්‍රණය සොසේජ් එකක් හැඩයට තබාගෙන ප්‍රවේසමෙන් මස් මිශ්‍රණය මැදට හිටින ලෙස රෝල් කරගන්න. ඉතිරි බිත්තර සාරු තවරා කෙළවර අලවාගෙන දෙකෙළවර හොඳින් තද කර පේස්ට්‍රි රෝල් එක වටේම බිත්තර තවරාගන්න. සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 50 ත් 60 ත් අතර කාලයක් බේක් කරග මයෝනිස් සමග රස බලන්න.