අපි කතාවටත් කියනවනෙ ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියල. හැමදේකටම ප්රශස්ත මට්ටමක් තියෙනවා. මනෝවිද්‍යාවේදි සමහර අවස්ථාවලදි සාමාන්‍ය චර්යා සාමාන්‍ය නොවන අවස්ථා අපිට හම්බෙනවා. ඒ කියන්නෙ සමහර හැසිරීම් පමණ ඉක්මවා යන අවස්ථා තියෙනවා. එතකොට අපි හඳුනගන්නවා මේක සාමාන්‍ය හැසිරීමක් නෙවේ කියල. පුංචි කාලෙ ඉඳන් අපිව හැඩගැහෙන්නෙ ඕඩර් එකක් විදිහටනෙ.
අපි මේකට පිළිවෙල කියන දේ ගත්තොත්, මුලින්ම කියන්න ඕනෙ පිළිවෙල කියන දේ හොඳයි. හැබැයි මේ ඕඩර් එක සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යන්නත් පුළුවන්. එතකොට ඒක එයාට වගේම එයා එක්ක ජීවත් වෙන අනිත් කෙනාටත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තමන් එක්ක ජීවත් වෙන කෙනා සහ තමන් අවට ඉන්න මිනිස්සු ඒ කෙනාගෙ විදිහට හැඩගැහුණෙ නැති වුණාම එතන ප්‍රශ්නයක්.
මම එක උදාහරණයක් කියන්නම්. මම දන්න විශ්වවිද්‍යාලයක අංශ භාර ගුරුවරයෙක් හිටියා. එයාට හරිම පිළිවෙලට හැමදේම ඕනෙ. තමන්ගෙ මේසෙ උඩ තියෙන පොතක් කෙළින් නැතුව පොඩ්ඩක් ඇද වෙලා තිබ්බත් එයාට ඕනෙ ඒ පොත හරි කෙළින් තියන්න. ඔය අති පිළිවෙල නිසා එයා යටතේ හිටපු කණිෂ්ඨ දේශකවරු පුදුම විදිහට මානසික පීඩනයකට ලක්වුණා. බොක්ස් ෆයිල්ස්වල තියෙන තොරතුරු සම්බන්ධව ඒක පිටින් ස්ටිකරයක් ඇලෙව්වත් හැම ෆයිල් එකේම ස්ටිකර් එක එකම ලෙවල් එකකට ඇලවිලා තියෙන්න ඕනෙ.
මේ තත්ත්වෙ හඳුන්වන්නෙ පෞරුෂ අක්රමතාවයක් විදිහට. මනෝවිද්‍යාවේදී හඳුන්වන්නෙ OCPD තත්ත්වයක් කියල. උදාහරණයක් විදිහට නිතර නිතර අත සෝදන එක පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මැෂින් ගන් එකකින් බුලට්ස් එනවා වගේ මේ අයට එකදිගට විවිධ සිතුවිලි එනවා. සිතුවිලි දරාගන්න අමාරු වුණාම එයා ඒ දේ එළියට දාන්නෙ යම්කිසි ක්‍රියාවක් එක්ක. ඒ විදිහට තමයි නිතර අත සෝදන එකල බාත්රූම් එක සෝදන එක වගේ දේවල් නිතර නිතරම සිද්ධ වෙන්නෙ.
සමහර අය ඉන්නවා චෙකින් බිහේවියර් තියෙන. ඒ කියන්නෙ නිතර නිතර විවිධ තැන් පරික්ෂා කරනවා. තවත් සමහරු ගණන් කරනවා. වහලෙ තියෙන සිවිලිම් ගාණ, බිම තියෙන ටයිල් කැට ගාණ වගේ. මේ සිතුවිල්ලක් එක්ක එන චර්යා. තවත් පිරිසක් ඉන්නවා ඒ අයට ඕනෙ තිතටම ඕඩර් කරන්න. ඇඳේ එක රැල්ලක් තියෙන්න බෑ. බාත්රූම් එකේ එක දූවිල්ලක් තියෙන්න බෑ.
හැමතිස්සෙම අති පිරිසිදුකමක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. මම මේ ඩිසෝඩර් එකට හොඳ උදාහරණයක් කියන්නම්. එක්තරා විවාහක කාන්තාවක් හිටියා ඔහොම අති පිළිවෙල, පිරිසිදුකම නිතරම බලාපොරොත්තු වුණ. දවසක් මේ කාන්තාව බාත්රූම් එක හොඳට හෝදලා තියෙද්දි සැමියගෙ කකුලෙ තිබිලා මඩ පොඩ්ඩක් ටයිල් එකක ගෑවුණා කියල සැමියව ගෙදරින් එලෙව්වා.
මේ වගේ දේවල් පෞරුෂ ලක්ෂණයක් වුණාම ඒක අමාරු වෙන්නෙ එයාට නෙවේ එයා එක්ක ඉන්න අනිත් අයට. මොකද තමන් හිතන විදිහට නෙවෙයි අනිත් අයත් හිතන්නෙ. කිසිම දෙයක් ඕඩර් එකකටම හදන්න බෑ. දැන් මේක කියවද්දි සාමාන්‍ය විදිහට පිළිවෙලින් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන්ටත් තියෙන්නේ ඩිසෝඩර් එකක්ද කියල. ඒක මැනගන්න මිම්මක් තියෙනවා.
තමන්ගෙ අධික පිළිවෙල තව කෙනෙක්ට දරාගන්න අපහසුනම් ඒක ඩිසෝඩර් එකක්. අපි කාටත් පිළිවෙලක් ඕනෙ. නමුත් අපි හිතමුකො එක රැල්ලක්වත් නැතුව ලස්සනට හදපු ඇඳේ කවුරුහරි ඇවිත් ඉඳගන්නවා කියල. නැගිටිනකොට ඇඳ ඇතිරිල්ල එහාමෙහා වෙලා. ඊටපස්සෙ තද කේන්තියක් එක්ක ආයෙත් ඇඳ රෙද්ද හදනවා. ටික වෙලාවකින් නැවතත් ඇවිත් බලනවා ඒක අපිළිවෙල වෙලාද කියල.
එකපාරක් දෙපාරක් ඔය දේ කෙරුවා කියල ඒක ඩිසෝඩර් එකක් වෙන්නෙ නෑ. හැබැයි දිනයක් තුළ ඒ දේ කරන වාර ගණන වැඩියිනම් එතන ගැටලුවක් තියෙනවා. හෝදපු ගෙදරට මනුස්සයෙක් ඇවිත් ගියොත් ආයෙත් හෝදනවා. නැත්නම් ආයෙත් අතුගානවා. බාත්රූම් එකට යන්නක්ගානෙ බාත්රූම් එක හෝදනවා.
මේ ගැටලුව නිරාකරණය කරගන්න ඖෂධීය ප්‍රතිකාර මගින් හෝ මානසික උපදේශන මගින් පුළුවන්. එක පැත්තකින් චර්යාත්මක ප්‍රතිකාරවලට යන්නත් පුළුවන්. හැබැයි හැමදේම මධ්‍යස්ථ මට්ටමකින් තියාගන්නවනම් කාටවත්ම මේ ගැටලු ඇතිවෙන්නෙ නෑ.
මනෝ විද්‍යාඥ, ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා