අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් බිත්තර 5
- අලි ගැට පේර ගෙඩි 1
- චොප් කරගත් ලූනු ගෙඩි 1/2
- චොප් කරගත් ලූනු කොළ කෝප්ප 1/4
- චොප් කරගත් තක්කාලි ගෙඩි 1/2
- දෙහි යුෂ මේස හැඳි 2
- මයෝනිස් මේස හැඳි 2
- රස අනුව ලුණු
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බිත්තර ටික පොඩියට කපාගන්න. එයට අලිගැටපේර ගෙඩිය කුඩාවට කපා එකතු කර එයටම චොප් කරගත් ලූනු හා ලූනු කොළද එකතු කරගන්න. තක්කාලි ටික එකතු කර රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු දමා පසුව දෙහි යුෂ හා මයෝනීස් එකතුකර කලවම්කරගන්න.