අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ජාඩි ග්‍රෑම් 200
- තක්කාලි ග්‍රෑම් 100
- කරපිංචා ඉති 1
- රතු ලූනු ග්‍රෑම් 50
- සුදු ලූනු ග්‍රෑම් 10
- අමුමිරිස් කරල් 4
- ගම්මිරිස් කුඩු ග්‍රෑම් 5
- පොල් කිරි අඬුකෝප්ප 3
- කහ කුඩු ග්‍රෑම් 3
සාදාගන්නා ආකාරය
තෙල් රත් වූ භාජනයකට පොල් කිරි සහ ජාඩි හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව එයට ජාඩි සහ පොල් කිරි එකතුකර උතුරවා ගන්න.