අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්ද කර කපාගත් දැල්ලෝ ග්‍රෑම් 400
- ගම්මිරිස් ඇට මේස හැඳි 1
- රස අනුව ලුණු
- පාන් පිටි කෝප්ප 1/4
- චොප් කරගත් සුදූ සුදු ලූනු බික් 4
- කපාගත් රතු මිරිස් කරල් 2
- කපාගත් ලූනු කොළ ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
- කොන් පිටි කප් 1/4
සාදාගන්නා ආකාරය
දැල්ලන්ට දෙහි යුෂ, ලුණු සහ ගම්මිරිස් දමා සීසන් කරගන්න. තෙල් රත් වූ පෑන් එකකට ගම්මිරිස් ඇට දමා මද ගින්නෙ රෝස්ට් කර නිවුණ පසු වංගෙඩියේ කොටාගන්න. බෝල් එකකට පාන් පිටි සහ කොන් පිටි දමා පාන් පිටි මිශ්‍රණයේ සීසන් කරගත් දැල්ලන් තවරා ගැඹුරු තෙලේ බැදගන්න. නැවත තෙල් රත්වූ පෑන් එකකට සුදූ ලූනු, ලූනු කොළ සහ මිරිස් කරල් දමා කලවම් කර බැදගත් දැල්ලන් එකතුකර ලුණු හා ගම්මිරිස් දමාගන්න.