අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි මිරිස් ග්‍රෑම් 150
- කුනිස්සන් ග්‍රෑම් 60
- චොප් කරගත් ඉඟුරු ස්වල්පයක්
- චොප් කරගත් සුදූ ලූනු බික් 5
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- පොඩියට කපාගත් කරපිංචා ස්වල්පයක්
- සීනි ස්වල්පයක්
- රස අනුව ලුණු
- සොයා සෝස් මේස හැඳි 2
- තක්කාලි සෝස් තේ හැඳි 1
- පොල් තෙල් අඩු කෝප්ප 1
සාදාගන්නා ආකාරය
භාජනයකට තෙල් ස්වල්පයක් දමා එයට ලූනු, සුදු ලූනු, ඉඟුරු සහ කරපිංචා දමා රන්වන් පාට වනතුරු බැද ළිපෙන් ඉවත් කරගන්න. එම භාජනයටම කූනිස්සන් දමා බැද නිවෙන්නට හැර බ්ලෙන්ඩ් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට කෑලි මිරිස්, බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය, සෝයා සෝස්, ලුණු සහ සීනි දමා කලවම් කරගන්න.